Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසිද් ක්‍රිෂ්ණාගේ සහ සුනිල් නරේන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහිව සෙනසුරාදා (10 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹා ගිය පන්ජාබ් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 162 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 29 කට කඩුලු 3 ක්ද, සුනිල් නරේන් ලකුණු 28 කට කඩුලු 2 ක්ද දවාගනිමින් ජන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
පන්ජාබ් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් දුන් නායක ලොකේෂ් රාහුල් (74) සහ මායන්ක් අගර්වාල් (56) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 58 කදී වාර්තා වූ රාහුල්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 39 කදී වාර්තා වූ අගර්වාල්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 63 ක් තුළ බිඳවැටුණි. එහෙත් ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් (57) සමග එක්වූ නායක දිනේෂ් කාර්තික් (58) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූවේය.
පන්දු 47 කට මුහුණදුන් ශුබ්මන්ගේ අර්ධ ශතකය හතරේ පහර 5 කින් සමන්විත වූ අතර පන්දු 29 මුහුණදුන් කාර්තික් හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය සැරසීය. ඔයින් මෝගන් පන්දු 23 කදී ලකුණු 24 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
කොල්කටා නයිට්රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 6 කට 164
(ශුබ්මන් ගිල් 57, ඔයින් මෝගන් 24, දිනේෂ් කාර්තික් 58)
කිංග්ස් XI පන්ජාබ් - ඕවර 20 කදී කඩුලු 5 කට 162
(ලොකේෂ් රාහුල් 74, මායන්ක් අගර්වාල් 56, නිකලස් පූරන් 16, පුසිද් ක්‍රිෂ්ණා 29/3, සුනිල් නරේන් 28/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.