Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නේපාලය පරාජය කළ ශ්‍රී ලංකාවට දෙවැනි ජය

නේපාලය පරාජය කළ ශ්‍රී ලංකාවට දෙවැනි ජය

editorial - 2023 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නේපාලය වට 3 – 0 කින් (26/24 – 25/18 - 25/16) පරාජයට පත් කරමින් සත්කාරක ශ්‍රී ලංකාව කොළඹ දී දැන් පැවැත්වෙන දෙවැනි මධ්‍යම ආසියානු අභියෝග ශූරතා කුසලාන (පිරිමි) වොලිබෝල් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට ඊයේ (10) සමත් විය. නේපාලය පෙරේදා (9) මුහුණදුන් තරගයේ දී බංගලාදේශය පරාජයට පත් කළ කණ්ඩායමයි.

ඒ අනුව ශ්‍රී ලංකා තරගාවලියේ ඉහළම බලාපොරොත්තු රඳවා ගනිමින් අද (11) පස්වරු 6.30ට කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේ දී ආරම්භ වන මූලික වටයේ සිය තෙවැනි තරගයට උස්බෙකිස්තානයට එරෙහිව සහාභාගිවීමට නියමිතය.

තරගාවලිය ආරම්භ වූ පෙරේදා (9) ශ්‍රී ලංකාව විසින් සෞදි අරාබියාව වට 3–0 කින් පරාජය කරන ලදී.

නෙදර්ලන්තයේ නේවාසික පුහුණු සැසිවාරයකින් පසුව එහි පුහුණුකරුවෙකු යටතේ මෙරට තරගාවලිය සඳහා ළඟා වූ නේපාලය ඊයේ වට 3–0 කින් පරාජයට පත් කිරීමට සමත්වීම ශ්‍රී ලංකාව ලද කැපී පෙනෙන ජයග්‍රහණයකි.

තරගාවලියේ ශ්‍රී ලංකාව අනිද්දා (13) ඇෆ්ගනිස්ථානය සමගත් 14 වැනිදා (සෙනසුරාදා) බංග්ලාදේශය සමගත් මූලික වටයේ තවත් තරග දෙකකට සහභාගි වීමට නියමිතය. කෙසේ වුවත් මෙම තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටයක් නොමැති අතර මූලික වටයේ නියමිත තරග 15 අවසන්වීමෙන් පසුව එහි ඉහළින්ම පසුවන ප්‍රසාද ලකුණුලාභීන් දෙදෙනා ඉරිදා (15) පැවැත්වෙන අවසන් මහ තරගයටත් තෙවැනි හා සිවුවැනියට වැඩිම ප්‍රසාද ලකුණු අත්කර ගන්නා කණ්ඩායම් දෙක එදින පැවැත්වෙන තෙවැනි ස්ථානය තේරීමේ තරගයටත් නිර්දේශ ලබා ගනිති.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හිමිව තිබෙන විශේෂ වැදගත්කම වන්නේ ඔවුන් පළමු තරගාවලියේ ශූරයන් ලෙස මෙවර තරගයට මුහුණ දෙන බැවිනි.

මේ අතර ඊයේ පෙරවරුවේ පැවැති සෞදි අරාබිය හා උස්බෙකිස්ථානය අතර තරගයේ ජය වට 3–0කට හිමිවූයේ උස්බෙකිස්ථානයයි.

ඊයේ රාත්‍රියේදී අවසන් වූ බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය අතර තරගයේ ජය ඇෆ්ගනිස්ථානයට හිමිවූයේ වට 3-0 කටය. ඒ ලකුණු 25/15-25/19-25/22 ක් පරිදිය.


අදහස් (0)

නේපාලය පරාජය කළ ශ්‍රී ලංකාවට දෙවැනි ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.