Last Update  :  2025-11-11 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නෙක්ස්ට් චෑම්ප් ප්‍රවර්ධන වැඩසටහනට පස් දෙනෙක්

නෙක්ස්ට් චෑම්ප් ප්‍රවර්ධන වැඩසටහනට පස් දෙනෙක්

editorial - 2020 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ක්‍රිස්බෝ නෙක්ස්ට් ඩෑම්ප් ක්‍රීඩා ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවමින් ක්‍රිස්බෝ ආයතනය පළමු අනුග්‍රාහක මුදල  ක්‍රිස්බෝ ආයතනයේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරෙස්ජෙලර් මහතා විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාට එය පිළිගැන්වූ අවස්ථාව.
ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, එහි උසස් දක්ෂතා ප්‍රවර්ධන අධ්‍යක්ෂිකා සුසන්තිකා ජයසිංහ, ක්‍රිස්බෝ ආයතනයේ නියෝජිත නලින් අලුත්ගමගේ යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

 

ජාතික ඔලිම්පික් කමිටුව හඳුන්වා දෙන ක්‍රිස්බෝ නෙක්ස්ට් චෑම්ප් නවතම ක්‍රීඩා ප්‍රවර්ධන වැඩසටහන මගින් අනාගතය සඳහා ඔලිම්පික් ශූර ශූරියන් බිහිකිරීමට සැලසුම් කර තිබේ. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 4ක වියදමක් දැරීමට ක්‍රිස්බ්‍රෝ ආයතනය එකඟ වී සිටී. එහි ආරම්භක පියවර ලෙස ක්‍රීඩා ඉසව් දෙකකට අයත් වයස 15න් පහළ (කනිෂ්ඨ) ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට රුපියල් මිලියනයක් බැගින් එක අවුරුද්දක කාලයක් වලංගුව පවතින ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඉකුත්දා සිදු කෙරුණි.

මෙම ක්‍රීඩා පුහුණු ශිෂ්‍යත්ව වැඩසටහන වසර 2022දී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙල පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල, දකුණු ආසියානු (සාෆ්) ක්‍රීඩා උළෙල ඇතුළු ශ්‍රී ලංකාව සහභාගි වන ප්‍රධානතම ජාත්‍යන්තර තරගාවලි ඉලක්ක කරමින් ආරම්භ කෙරේ. ජාතික ඔලිම්පික් කමිටුවේ උසස් දක්ෂතා කටයුතු ප්‍රවර්ධන අධ්‍යක්ෂිකා සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සහභාගිත්වයෙන් යුත් කමිටුවක් එහිදී ක්‍රීඩා ශිෂ්‍යත්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කරනු ලබයි.

ෂෙහාන් අඹේපිටිය, ඉනේකා කුරේ හා රෙෂිකා උඩුගම්පල යන මහත්ම මහත්මීහු ශිෂ්‍යත්ව නිර්දේශ කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවැසුවේ පහසුකම් අවම තත්ත්වයන් තුළ වුවද තමන් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනාදීමේදී මුහුණදුන් අප්‍රසන්න තත්ත්වයක් තවදුරටත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උරුම කර දිය යුතු නැති බවයි. ඔලිම්පික් කමිටුව ගත් නව පියවර හමුවේ ශ්‍රී ලංකාවට අග්‍රගණයේ තවත් ඔලිම්පික් පදක්කමක අපේක්ෂා ඇති කර ගත හැකි බවද ඇය එහිදී වැඩිදුරටත් පැවැසූවාය.

ක්‍රීඩා ශිෂ්‍යත්ව ආධාර  නව වැඩසටහන යටතේ ඒ සඳහා නිර්දේශ ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික පුහුණුකරුවන්ටද මාසික දීමනාවක් හිමිවේ.  ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට හිමිවන වාර්ෂික ශිෂ්‍යත්ව දීමනාවෙන් කොටසක් ඔවුන් සහභාගි කෙරෙන ජාත්‍යන්තර තරග මාලා වියදම් සඳහා යොදා ගැනේ.

මුල් පියවර ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු ශිෂ්‍යත්ව ආධාර සඳහා තෝරා ගැනේ. අධීක්ෂණ කමිටුවේ සාමාජික ෂෙහාන් අඹේපිටිය මහතා පැවැසුවේ විවිධ ක්‍රීඩා ඉසව්වලින් එම තේරීම් කරන අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සඳහා දැනට අවධානය යොමු කර තිබෙන බවයි.

මෙම වැඩසටහන යටතේ ග්‍රාමීය පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පාසල් ක්‍රීඩා සංගම්වලට ඉදිරියේදී මුල්‍යමය ආධාර ලබාදීමේ වැඩසටහනක්ද දියත් කෙරෙන බවද ජාතික ඔලිම්පික් කමිටුව අවධාරණය කරයි. එම ආධාර මුදල් පිරිනැමීමෙන් පසුව පසුවිපරම්ද කිරීමටද ඔලිම්පික් කමිටුවේ අධීක්ෂණයෙන් සිදු කෙරේ.

ක්‍රිස්බෝ නෙක්ස්ට් චෑම්ප් ව්‍යාපෘතියෙන් රුපියල් මිලියනයක් බැගින් වන ක්‍රීඩා ශිෂ්‍යත්ව හිමිකර ලබාගන්නා පළමු ක්‍රීඩක ක්‍රීඩිකා කණ්ඩායම

මලල ක්‍රීඩා :- සිතුම් ජයසුන්දර (කුරුණෑගල ශාන්ත ජෝන් කොතලාවක මහ විදුහල, තරුෂි කරුණාරත්න (වලල ඒ. රත්නායක මැදි විදුහල,
බර ඉසිලීම :- දේශාන් කපිල කුමාර (බද්දේගම අනගාරික ධර්මපාල විදුහල), ලක්සරණි සමිති තාරකා (පෝද්දෙවෙල මහ විදුහල),
ජිම්නාස්ටික්:- මිල්ලා ගිහානි

 


අදහස් (0)

නෙක්ස්ට් චෑම්ප් ප්‍රවර්ධන වැඩසටහනට පස් දෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.