Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිෂාන්ගෙන් ලකුණු 150ක්
එංගලන්ත ‘ඒ’ පිල ශ්‍රී ලංකාවේ

නිෂාන්ගෙන් ලකුණු 150ක්

editorial - 2023 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සංචාරක එංගලන්ත - ලයන්ස් කණ්ඩායමට සාර්ථක පිළිතුරක් ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම දෙපිල අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ අද (26) දෙවැනි දිනයේදී කඩුලු 9කට ලකුණු 355ක් රැස් කිරීමට සමත්විය.

මේ අතර අද සිය දෙවැනි ඉනිමට ක්‍රීඩා කළ එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ දිනය නිමාවන විට කඩුලු 8 ක් දැවී ලකුණු 164ක් රැස්කර තිබුණි. ඒ පන්දු ඕවර 31කට සීමා වෙමිනි.

ඔලී රොබින්සන් එහිදී පන්දු 25කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 39 ක් රැස්කර තිබුණි.

සිය පළමු ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම තීරණය කරන විට නිෂාන් මධුෂ්ක ප්‍රනාන්දු එහි සාර්ථකම පිතිකරුවා වෙමින් ලකුණු 150ක් පන්දු 158කදී රැස් කළේය. ඒ හතරේ පහර 24ක් හා එක් හයේ පහරක් එල්ල කරමිනි.

නිෂාන් මෙම ලකුණු 150 ලබා ගන්නා විටත් නොදැවුණු පිතිකරුවකු බවට පත්ව සිටියත් ඔහු පිටියෙන් ඉවත්ව ගියේය. එංගලන්ත - ලයන්ස් කණ්ඩායම සිය මුල් ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 413ක් රැස් කර තිබුණි. ඒ ඇලෙක්ස් ලීස්ගේ ශතකයත් (103) සමගිනි.

ඊයේ (25) මෙම පෙරහුරු තරගයේ පළමු දිනය නිමා වූයේ ශ්‍රී ලංකා සභාපතිගේ පිල සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීම අරඹමින්  කඩුලු 2කට ලකුණු 93ක් රැස්කර තිබියදීය. එවිට නිෂාන් මධුෂ්ක රැස්කර තිබූ ලකුණු ගණන නොදැවී 56කි.

ළහිරු උදාර ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි සාර්ථකම පිතිකරුවා වූයේ හතරේ පහර 12ක් හා හයේ පහර තුනක් සමග ලකුණු 93ක් රැස් කිරීමෙනි. ඒ පන්දු 85කදීය.

නිෂාන් මධුෂ්ක හා ළහිරු උදාර යන මෙම දකුණත් පිතිකරුවන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලේ ලකුණු සබඳතාව ලකුණු 170ක අගයක් ගත්තේය. ශ්‍රී ලංකා පළමු ඉනිමේ අඩිතාලම බවට එය පත්විය.

මෙම පෙරහුරු තරගයේදී එංගලන්ත - ලයන්ස් නායකයා ශ්‍රී ලංකා ඉනිම මෙල්ල කිරීම සඳහා පන්දු යවන්නෝ අට දෙනෙක් යොදා ගත්හ. දකුණත් වේග පන්දු යවන ජෝ ටොන්ගියු ලකුණු 22කට කඩුලු තුනක් බිඳ හෙළීම ඔවුන්ගේ ඊයේ දිනයේ සාර්ථකම පන්දු යවන්නාගේ දස්කම විය.

 කණ්ඩායමේ කඩුලු රකින්නාගේ භූමිකාව කරන 23 හැවිරිදි  නිෂාන් මධුෂ්ක මීට පෙර අවස්ථාවකදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 165ක් රැස්කර තිබේ. අද (27) මෙම පෙරහුරු තරගයේ අවසන් දිනයයි.


එංගලන්ත - ලයන්ස් පළමු ඉනිම කඩුලු 8ට 413
ශ්‍රී ලංකා සභාපතිගේ පිල පළමු ඉනිම කඩුලු 9කට 355
(නිෂාන් මධුෂ්ක පිටියෙන් ඉවත් වුණා. 150, ලසිත් කෲස්පුල්ලේ 19, නිමේෂ් විමුක්ති 17, ළහිරු උදාර 93, සහන් ආරච්චිගේ 25, දුනිත් වෙල්ලාලගේ 13, ලියාම් පැටසර්න් වයිට් 80/3, ජැක් කාර්සන් 73/2, ජෝ ටොන්ගියු 22/3)

එංගලන්ත ලයන්ස් දෙවැනි ඉනිම කඩුලු 8 ට 164 යි  
(ඇලෙක්ස් ලීස් - පිටියෙන් ඉවත් වුණා 27, ටොම් හේන්ස් 13, ලින්ඩන් ජේම්ස් 17, ලියාම් පැටර්සන් 26, ඔලී රොබින්සන් 39, ජිමි ස්මිත් 13, ජැක් හේන්ස් නොදැවී 13, සහන් ආරච්චිගේ 50/2, නිමේෂ් විමුක්ති 13/2)


අදහස් (0)

නිෂාන්ගෙන් ලකුණු 150ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.