Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය 5-0 කින් පාකිස්තානය පරදවයි

නවසීලන්තය 5-0 කින් පාකිස්තානය පරදවයි

Nisanka Sandeepani - 2018 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව වෙලිංටන්හිදී අද (19 වැනිදා) පැවැති පස්වැනි එක්දින තරගයෙන් ලකුණු 15 ක ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම, දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 272 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ඕවර 49 ක් අවසානයේ ලකුණු 256 කට සීමා කිරීමට මැතිව් හෙන්රි ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැතිව් හෙන්රි, පාකිස්තාන කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාද සමගින් ලකුණු 53 කට කඩුලු 4 ක් දවාගත්තේය. එහිදී හෙන්රිට අනගි සහායක් දුන් මිචෙල් සෑන්ට්නර් ලකුණු 40 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ හාරිස් සොහේල් පන්දු 87 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 63 ක් රැස්කළ අතර ශඩාබ් ඛාන් පන්දු 77 කදී ලකුණු 54 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් සමත් විය. පන්දු 126 කදී වාර්තා වූ ගප්ටිල්ගේ 13 වැනි එක්දින ශතකය හයේ පහරක් සහ හතරේ පහර 10 ක් අන්තර්ගත විය.  

කොලින් මුන්රෝ (52) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ගප්ටිල්, ඉන් නොනැවතී රොස් ටේලර් (59) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 144 කදී ලකුණු 112 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. පන්දු 73 කදී වාර්තා වූ ටේලර්ගේ අර්ධ ශතකයට හතරේ පහර 3 ක් ඇතුළත් විය. 

රුම්මාන් රායිස් ලකුණු 67 කට කඩුලු 3 ක්ද, ෆායිම් අෂ්රෆ් ලකුණු 49 කට කඩුලු 2 ක්ද දවාගනිමින් පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 271 
(මාටින් ගප්ටිල් 100, කොලින් මුන්රෝ 34, කේන් විලියම්සන් 22, රොස් ටේලර් 59, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 29, ටිම් සවුති නොදැවී 14, රුම්මාන් රායිස් 67/3, ෆායිම් අෂ්රෆ් 49/2) 


පාකිස්තානය - ඕවර 49 කදී සියලු දෙනා දැවී 256 
(හාරිස් සොහේල් 63, ශඩාම් ඛාන් 54, ෆායිම් අෂ්රෆ් 23, අමීර් යමීන් නොදැවී 32, මොහොමඞ් නවාස් 23, මැතිව් හෙන්රි 53/4, මිචෙල් සෑන්ට්නර් 40/3, ලොකී ෆර්ගියුසන් 64/2) 

-036


අදහස් (0)

නවසීලන්තය 5-0 කින් පාකිස්තානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.