Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය 2-0 කින් වි:20 තරගාවලිය ජයගනී

නවසීලන්තය 2-0 කින් වි:20 තරගාවලිය ජයගනී

editorial - 2021 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයට එරෙහිව නේපියර්හිදී පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 28 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්තය අද (30 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 16 කදී ලකුණු 171 ක ඉලක්කයක් හිමි වූ නමුත් ඒ වන විට ඔවුන්ට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි.

වේගවත් පිතිහරඹයක නිරත වූ සෞම්‍ය සාකර් පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 51 ක් රැස්කළද, ඔහුට බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. ආරම්භක පිතිකරු මොහොමඩ් නයීම් පන්දු 35 කදී ලකුණු 38 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. නායක ටිම් සවුති, හමීෂ් බෙනට් සහ ඇඩම් මිල්නෙ කඩුලු 2 බැගින් බිඳහෙළමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 17.5 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 173 ක් ලබාගත්තේය. ලකුණු 111 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී නවසීලන්ත ඉනිමට නව ජවයක් එක් කළ ග්ලේන් පිලිප්ස් (නොදැවී 58) සහ ඩර්ලි මිචෙල් (නොදැවී 34) පන්දු 25 කදී ලකුණු 62 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූහ.

පන්දු 31 කට මුහුණදුන් පිලිප්ස් හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 16 කදී වාර්තා වූ මිචෙල්ගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත විය. ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද, ෆින් ඇලන් පන්දු 10 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක්ද රැස්කරමින් නවසීලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.


නවසීලන්තය - ඕවර 17.5 කදී කඩුලු 5 කට 173
(මාටින් ගප්ටිල් 21, ෆින් ඇලන් 17, ඩෙවෝන් කෝන්වේ 15, විල් යං 14, ග්ලේන් පිලිප්ස් නොදැවී 58, ඩර්ලි මිචෙල් නොදැවී 34, මෙහෙදි හසන් 45/2)

බංග්ලාදේශය - ඕවර 16 කදී කඩුලු 7 කට 142
(මොහොමඩ් නයීම් 38, සෞම්‍ය සාකර් 51, මහමදුල්ලා රියාද් 21, ටිම් සවුති 21/2, හමීෂ් බෙනට් 31/2, ඇඩම් මිල්නෙ 34/2)


-036

 

 


අදහස් (0)

නවසීලන්තය 2-0 කින් වි:20 තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.