Last Update  :  2025-07-18 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනුෂ්කට ක්‍රිකට් තහනමක්

ධනුෂ්කට ක්‍රිකට් තහනමක්

editorial - 2022 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලකට සියලුම ආකාරයේ ක්‍රිකට් තරග අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ. 31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් තරග 8 කදී, එක්දින තරග 47 කදී සහ විස්සයි-20 තරග 46 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. 

ඕස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක, එම චෝදනාවෙන් නිදහස් වන තෙක් ඉදිරියේදී පැවැත්වෙන කිසිදු තේරීම් කටයුත්තක් සඳහා සැලකිල්ලට භාජනය නොකරන බවද ක්‍රිකට් ආයතනය කියා සිටියි. 

ඕස්ට්‍රේලියානු අධිකරණයේ ක්‍රියාදාමයන් සමීපව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදාල සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා, චෝදනාවලට වරදකරු වුවහොත් ධනුෂ්කට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. 

ක්‍රීඩකයන් සම්බන්ධ මෙවන් සිදුවීම්වලදී නිගමන ලැබෙන තුරු මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද, සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියානු නිති බලධාරීන්ට අවශ්‍ය සියලු සහයෝග ලබා දෙන බවද ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි. 

මින් පෙරද අවස්ථා දෙකකදී ධනුෂ්කට තරග තහනම් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පියවර ගෙන තිබූ අතර ඉකුත් වසරේ (2021) පැවැති එංගලන්ත සංචාරයේදී ජෛව බුබළ කඩ කිරීමේ වරද වෙනුවෙන් ඔහුට එරෙහිව පැනවුණ වසරක තරග තහනම එහි ආසන්නම සිදුවීම ලෙස සැලකේ. 

කෙසේ වුවත් පසුව එම තරග තහනම මාස 6 කට ලිහිල් කිරීමට පියවර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, රුපියල් කෝටියද දඩ මුදල ගෙවීමෙන් අනතුරුව ඔහුට සහ ඔහු සමගින් එම තහනමට ලක්වූ සෙසු ක්‍රීඩකයන් දෙදෙනාට දේශීය සහ ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වීමට දොරටු විවර කර දුන්නේය.


අදහස් (0)

ධනුෂ්කට ක්‍රිකට් තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.