Last Update  :  2026-01-28 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනංජය කෙරෙහි වැඩි බලාපොරොත්තු
විස්සයි-20 තරගාවලිය

ධනංජය කෙරෙහි වැඩි බලාපොරොත්තු

editorial - 2026 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහාත් ධනංජය ද සිල්වා කැඳවා තිබේ. 

වසර දෙකකට පසුව, පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියට එක්වූ නමුත් පාකිස්තානයට එරෙහිව පැවැති තරග දෙකේදී ධනංජය ලබාගත්තේ ලකුණු 10 ක් සහ 22 කි. මෙම තරගාවලිය සඳහාත් ධනංජය කැඳවීමේ මූලික අරමුණ වන්නේ තවත් දින 10 කින් ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ඔහුගෙන් වැඩිපුර දායකත්වයක් ලබාගැනීමයි.
 
අඟහරුවාදා එංගලන්තයට එරෙහිව ලබාගත් ශතකයත් සමගින් එක්දින කණ්ඩායමේ අංක 4 පිතිකරු ස්ථානය අත්පත් කරගැනීමට පවන් රත්නායක සූදානම් වන නමුත් විස්සයි-20 කණ්ඩායමේ අංක 4 ස්ථානය සම්බන්ධයෙන් අද (28 වැනිදා) සවස් වන තුරුත් ස්ථිර නිගමනයක් නොතිබිණ. කෙසේ වෙතත් ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සහ පවන් රත්නායක දෙදෙනා සැසඳීමේදී ධනංජය සිටින්නේ ඉදිරිපෙළ පිතිකරුවන් අතරේ බවත් පවන් රත්නායක සිටින්නේ මැද පෙළ පිතිකරුවන් අතරේ බවත් තේරීම් කමිටු නිලධාරීන්ගේ මතයයි. 

“පවන් රත්නායක කියන්නේ ඉතාම හොඳ මැද පෙළ පිතිකරුවෙක්. එයා තරගය ඉවර කරලා තමයි ආපසු ක්‍රීඩාගාරයට එන්න ඕනේ... මැද පෙළ පිතිකරුවකුගේ වගකීම ඒකයි” යයි කී තේරීම් කමිටු නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ ධනංජය කණ්ඩායමට එක්වන්නේ පිතිකරුවකු ලෙසින් පමණක්ම නොවන බවයි. 

“ධනංජය කණ්ඩායමට එන්නේ ඉනිමේ අවසන් කොටසේදී පන්දු යැවීමේ බලාපොරොත්තුවත් එක්කයි. මහීෂ් තීක්‍ෂණයි ධනංජයයි දෙන්නාම කණ්ඩායමේ ඉන්න අවස්ථාවලදී, යම් විදියකින් තීක්‍ෂණ ප්‍රහාරයට ලක්වුණොත්, ඒ වෙලාවට ධනංජයව ගේන්න තමයි අපේ සැලැස්ම” යයි ද තේරීම් කමිටු නිලධාරියා පැවසීය. 

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කරන ලද ක්‍රීඩකයන් 16 දෙනාම ලෝක කුසලාන තරගාවලියටත් නම්කෙරෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. වෙනසක් වෙතොත් කිසිවකුට ආබාධයක් ඇතිවීමකදී හෝ අසනීප වීමකදී විය හැකිය. 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර විස්සයි-20 තරග මේ මස 30 වැනිදාත්, පෙබරවාරි 1 සහ 3 වැනිදාත් පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 


ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය :
දසුන් ශානක (නායකයා), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන්, මතීෂ පතිරණ සහ එෂාන් මාලිංග


අදහස් (0)

ධනංජය කෙරෙහි වැඩි බලාපොරොත්තු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.