Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙහෙයවනු ලබන ප්‍රධානම තරගාවලි තුනේදීම ලෝක කුසලාන දිනාගත් එකම නායකයා බවට පත්වූ මහේන්ද්‍ර සිං දෝනි සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ලබාගන්නා බව අද (15 වැනිදා) නිවේදනය කළේය.
"ඔබගේ ආදරයට මෙන්ම සහයෝගයටත් ස්තුතියි... පැය 19.29 (රාත්‍රී .7.29) සිට මා විශ්‍රාමිකයකු ලෙසින් සලකන්න යයි ඉන්සටග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් මහේන්ද්‍ර සිං දෝනි කියා තිබිණ. දෝනිගේ වීඩියෝවක්ද ඊට ඇතුළත් කර තිබිණ.
වසර 2007 දී විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන් මහේන්ද්‍ර සිං දෝනි 2011 දී එක්දින සීමිත ඕවර ලෝක කුසලාන ජයග්‍රහණය දක්වා ඉන්දියාව කැඳවාගෙන ගියේය. පසුව ශූරයන්ගේ කුසලානයත් ඉන්දියාවට දිනා දුන් මෙම කඩුලු රකින්නා වසර 2009 නොවැම්බර් මාසයේ සිට 2011 අගෝස්තුව දක්වා ටෙස්ට් ලෝක ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායමේ නායකයාද විය.
වසර 2014 දෙසැම්බර් 30 වන දින ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගත් දෝනි 2017 ජනවාරි මාසයේදී එක්දින නායකත්වයෙන්ද ඉවත් වූයේය. එහෙත් දිගින් දිගටම විස්සයි-20 අන්තර්ජාතික තරග සඳහා ක්‍රීඩා කළ ඉන්දීය පිලේ හිටපු නායකයා මේ වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියටත් සහභාගි වීමේ සූදානමින් සිටියේය.
ඉන්දියාවේ රාන්චි නුවර පදිංචි 39 හැවිරිදි දෝනි එක්දින තරග 199 ක් සහ විස්සයි 20 තරග 72 ක් සඳහා ඉන්දියාව මෙහෙයවීය. ඔහු වසර 2007 දී ඉන්දීය නායකයා ලෙස නම් කරන ලද අතර විස්සයි-20 ලෝක කුසලානය දිනාගත්තේ එම වසරේදීය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.