Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දසුන් ඉහළ තැනක් සොයයි

දසුන් ඉහළ තැනක් සොයයි

යොහාන් භාසුර - 2019 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ලාහෝර්හිදී හෙට (05) පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.  

විස්සයි20 පිලේ පිතිකරු ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් තමන්ට ලැබුණ හොත් සාර්ථක විහැකි යැයි විශ්වාස කරන බව පාකිස්තානයේ තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් පිලේ නායක තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක තරගාවලියට පිටත්ව යෑමට පෙර ‘ලංකාදීප’යට පැවසීය.

දසුන්, පාකිස්තානය බලා පිටත්ව යෑමට පෙර වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“නායකත්වය ලැබීම හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. හොඳ කණ්ඩායමක් ලැබී තිබෙනවා. කණ්ඩායම පිළිබඳව හොඳ විශ්වාසයක් තියෙනවා”

“මම එක්දින තරගවල තමයි පසුගිය කාලයේ වැඩි දස්කම් දක්වලා තියෙන්නේ. එක්දින තරග තුනක් තියෙනවා. මම හිතනවා මට පිතිකරු ලැයිස්තුවේ උඩ තැනක් ලැබෙයි කියලා”

“එක්දින තරගයක් ජයග්‍රහණ කරවීමේ හැකියා මට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම මගේ ඉලක්කයයි”

“විස්සයි20 කණ්ඩායම ගැන කථා කළොත් ධනුස්ක ගුණතිලක සහ අවිෂ්ක ප්‍රනාන්දු ගැන මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ දෙපළ වැඩි ඕවර සංඛ්‍යාවක් ක්‍රීඩා කළ යුතුයි”

“මම විස්සයි20 තරගවල ශතක තුනක් රැස්කරලා තියෙනවා. ඒ ශතක තුනම රැස්කළේ පිතිකරු ලැයිස්තුවේ උඩින් පන්දුවට පහර දීලයි. නමුත් මම විස්සයි20 ජාතික කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ යටින් පන්දුවට පහර දෙන නිසා සාර්ථක වෙන්න ලැබුණේ නෑ.

“බොහෝ අවස්ථාවලදී මට ලැබුණෙ පන්දු 10 ක් විතර තමයි. ඒ 10 යේදී මගෙන් කණ්ඩායම මෙන්ම ප්‍රේක්‍ෂකයන් බලාපොරොත්තු වෙන්නේ විශාල පහරවලින් ලකුණු රැස්කිරීමයි. විස්සයි20 තරගවලදී තාක්‍ෂණයෙන් පිරිපුන් පිතිකරුවකු ලෙස ලකුණු රැස්කරන්න ලැබෙන්නෙම නෑ”

“මම හිතනවා මේ තරගාවලියේදී මට උඩින් පන්දුවට පහර දෙන්න අවස්ථාව ලැබී සාර්ථක වෙලා මගේ සුපුරුදු රිද්මයට එන්න පුළුවන් වෙයි කියලා”

පාකිස්තානය ලබාදීමට පොරොන්දු වූ ආරක්‍ෂාව පිළිබඳව විශ්වාසය තබා මෙම සංචාරයට සහභාගි වන බවත් දසුන් පැවසීය.

 

“මීට පෙර පාකිස්තානු තරගයටත් මම සහභාගි වුණා. ඒ නිසා ඒ ආරක්‍ෂාව පිළිබඳව හොඳ විශ්වාසයක් තියෙනවා. ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයකුට දෙන ආරක්‍ෂාව අපේ කණ්ඩායමට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ පිළිබඳව විශ්වාසය තියලා තමයි අපි පාකිස්තානයට යන්නේ” යැයි ආරක්‍ෂාව පිළිබඳව දසුන් වැඩි දුරටත් පැවසීය.

මෙම තරගාවලියේ විස්සයි20 තරග තුන ඔක්තෝබර් මස 5, 7 සහ 9 දිනවල ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිෂ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්‍ෂ, මිනෝද් භානුක, ළහිරු මධුසංඛ, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත සහ ළහිරු කුමාර   


අදහස් (0)

දසුන් ඉහළ තැනක් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.