
(දමින්ද විජේසූරිය)
කොළඹ එස්.එස්.සී. පිටියේදී නිමාවූ ජාතික සුපර් ලීග් තරගයකදී යාපනය කණ්ඩායම කඩුලු 5 කින් පරාජය කළ දඹුල්ල ක්‍රීඩකයෝ එම තරගාවලියේ පළමු ජයග්‍රහණය අත්පත් කරගත්හ. ලකුණු 199 ක ඉලක්කයක් කරා ගිය දඹුල්ල කණ්ඩායම, තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (සෙනසුරාදා) සවස ක්‍රීඩාව නතර කරනවිට ජයග්‍රහණයට ලකුණු 45 ක් මෑතින් සිටියේය.
අද පෙරවරුවේදී අශාන් ප්‍රියන්ජන් ලකුණු 12 කට දැවී ගිය නමුත් සනෝජ් දර්ශික (නොදැවී 60) සහ රනිත ලියනාරච්චි එක්ව දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
යාපනය - පළමු ඉනිම 62 යි
(කසුන් අබේරත්න 16, ළහිරු මධුශංක 10, රවිඳු ප්‍රනාන්දු 13, අසිත ප්‍රනාන්දු 24/4, විශ්ව ප්‍රනාන්දු 14/5)
දඹුල්ල - පළමු ඉනිම 213 යි
(නිමේෂ් ගුණසිංහ 10, මිනෝද් භානුක 67, සනෝජ් දර්ශික 18, රනිත ලියනාරච්චි 51, විශ්ව ප්‍රනාන්දු නොදැවී 25, නිපුන් මාලිංග 39/2, යසිරු රුද්රිගු 52/3, එෂාන් මාලිංග 39/2, දිලුම් සුධීර 18/2)
යාපනය - දෙවැනි ඉනිම 349 යි
(නවෝද් පරණවිතාන 64, රොන් චන්ද්‍රගුප්ත 67, සුඛිත මනෝජ් 15, මාධව වර්ණපුර 46, ළහිරු මධුශංක 18, රවිඳු ප්‍රනාන්දු 64, නිපුන් මාලිංග 38, අසිත ප්‍රනාන්දු 64/3, අශාන් ප්‍රියන්ජන් 76/2, දුවිඳු තිලකරත්න 72/3)
දඹුල්ල - දෙවැනි ඉනිම කඩුලු 5 ට 204 යි
(නිමේෂ් ගුණසිංහ 11, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 15, ඩිලාන් ජයලත් 34, සනෝජ් දර්ශික නොදැවී 60, මිනෝද් භානුක 55, අශාන් ප්‍රියන්ජන් 12, රනිත ලියනාරච්චි නොදැවී 10, රවිඳු ප්‍රනාන්දු 73/2, දිලුම් සුධීර 56/2)



ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.