Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ල ජයග්‍රහණයට ලකුණු 45 ක් මෑතින්
ජාතික සුපිරි ලීගය

දඹුල්ල ජයග්‍රහණයට ලකුණු 45 ක් මෑතින්

editorial - 2023 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ජාතික සුපර් ලීග් තරගාවලියේ පළමු ජයග්‍රහණය සොයමින් ලකුණු 199 ක ඉලක්කයක් කරා යමින් සිටින දඹුල්ල ක්‍රීඩකයෝ, කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන තරගයේ තුන්වැනි දිනය වූ අද (28 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ජයග්‍රහණයට ලකුණු 45 ක් මෑතින් සිටියේය.

යාපනය කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 349 ක් ලබාගත්තේය. එහෙත් මුල් ඉනිමේදී මුහුණ දුන් ලකුණු 151 ක අවාසිය බරපතළ වූ බැවින් දඹුල්ල ක්‍රීඩකයන්ගේ ඉලක්කය ලකුණු 199 දී රැඳී තිබිණ.

අතිශය දියාරු මට්ටමකින් පැවැත්වෙන ජාතික සුපර් ලීග් තරගාවලියේ මෙතෙක් පැවැති තරග 4 න් සිව්වැනි දිනය දක්වා ඇදී ගිය එකම තරගය මෙයයි.


යාපනය - පළමු ඉනිම 62 යි
(කසුන් අබේරත්න 16, ළහිරු මධුශංක 10, රවිඳු ප්‍රනාන්දු 13, අසිත ප්‍රනාන්දු 24/4, විශ්ව ප්‍රනාන්දු 14/5)

දඹුල්ල - පළමු ඉනිම 213 යි
(නිමේෂ් ගුණසිංහ 10, මිනෝද් භානුක 67, සනෝජ් දර්ශික 18, රනිත ලියනාරච්චි 51, විශ්ව ප්‍රනාන්දු නොදැවී 25, නිපුන් මාලිංග 39/2, යසිරු රුද්රිගු 52/3, එෂාන් මාලිංග 39/2, දිලුම් සුධීර 18/2)

යාපනය - දෙවැනි ඉනිම 349 යි
(නවෝද් පරණවිතාන 64, රොන් චන්ද්‍රගුප්ත 67, සුඛිත මනෝජ් 15, මාධව වර්ණපුර 46, ළහිරු මධුශංක 18, රවිඳු ප්‍රනාන්දු 64, නිපුන් මාලිංග 38, අසිත  ප්‍රනාන්දු 64/3, අශාන් ප්‍රියන්ජන් 76/2, දුවිඳු තිලකරත්න 72/3

දඹුල්ල - දෙවැනි ඉනිම කඩුලු 4 ට 154 යි
(නිමේෂ් ගුණසිංහ 11, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 15, ඩිලාන් ජයලත් 34, සනෝජ් දර්ශික නොදැවී 34, මිනෝද් භානුක 55, රවිඳු ප්‍රනාන්දු 62/2)


අදහස් (0)

දඹුල්ල ජයග්‍රහණයට ලකුණු 45 ක් මෑතින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.