Last Update  :  2024-05-14 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ල කඩුල්ලක තියුණු ජයක් ලබයි
ජාතික සුපිරි ලීගය - 2023

දඹුල්ල කඩුල්ලක තියුණු ජයක් ලබයි

editorial - 2023 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ මහනුවර කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගංණයේදී ඊයේ (30 වැනිදා) පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 240 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල ක්‍රීඩකයෝ, ඕවර 48.5 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. පන්දු 66 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 53 ක් රැස්කළ සොනාල් දිනූෂ සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම ඕවර 47.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 239 ක් ලබා ගත්තේය. ඕෂධ ප්‍රනාන්දු පන්දු 75 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 76 ක්ද, ළහිරු උදාර පන්දු 52 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 52 ක්ද රැස්කරමින් මහනුවර ඉනිම සවිමත් කළහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන්, නිලකුණු ඕවර 2 ක්ද සමග ඕවර 10 ක් යවමින් ලකුණු 37  කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. මහනුවර පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ළහිරු සමරකෝන් සහ සොනාල් දිනූෂ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.


මහනුවර පිල - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 239
(ඕෂද ප්‍රනාන්දු 76, ළහිරු උදාර 52, අහන් වික්‍රමසිංහ 23, අසේල් සිගේරා 23, පුලින තරංග 20, ලක්ෂාන් සඳකැන් 37/4, ළහිරු සමරකෝන් 24/2, සොනාල් දිනූෂ 32/2)

දඹුල්ල පිල - ඕවර 48.5 කදී කඩුලු 9 ක් දැවී 240
(පවන් රත්නායක 34, කමිඳු මෙන්ඩිස් 26, අෂාන් ප්‍රියන්ජන් 24, සොනාල් දිනූෂ 53, දුෂාන් විමුක්ති 37, රනිත ලියනාරච්චි 21, අෂීන් ඩැනියෙල් 39/3, මොවින් සුබසිංහ 46/3)


අදහස් (0)

දඹුල්ල කඩුල්ලක තියුණු ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.