Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාව තවත් පියවරක් ඉදිරියට
2023 ලෝක කුසලාන

දකුණු අප්‍රිකාව තවත් පියවරක් ඉදිරියට

editorial - 2023 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවට තවත් පියවරක් ආසන්න වූ දකුණු අප්‍රිකානුවෝ නෙදර්ලන්තයට එරෙහිව සිකුරාදා (31 වැනිදා) බෙනෝනි නුවරදී පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 8 ක ජයක් පහසු ලබාගත්හ. දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විටත් ලෝක කුසලාන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු 88 ක් ලබාගනිමින් පුවරුවේ 9 වැනි ස්ථානයට පත්ව සිටින්නේ කොදෙව් පිල හා සම තත්ත්වය ගනිමිනි. 

ඉරිදා (02 වැනිදා) ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින තරගය ජයගැනීම හෝ විසඳුමකින් තොරව අවසන් වීමත් සමගින් දකුණු අප්‍රිකානුවන් ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගනු ඇත. 

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන සිසන්දා මගාලා (37/3) සහ වමතින් දඟ පන්දු යවන්නා වන තබ්රේස් ශම්සි (25/3) එක්ව නෙදර්ලන්ත ඉනිම ලකුණු 189 කට සීමා කළහ. ලකුණු 190 ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා පන්දු 79 කින් නොදැවී ලකුණු 90 ක් ලබාගනිමින්, ඕවර 20 ක් ඉතිරිව තිබියදී තම කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය. 

නෙදර්ලන්ත ආරම්භක පිතිකරුවන් වන වික්‍රම්ජිත් සිං (45) සහ මැක්ස්වෙල් ඕ’ඩාවුඩ් (18) දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැංවූවද මගාලා සහ ශම්සි එක්ව නෙදර්ලන්ත ඉනිම විනාශ කළහ. 

ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් අසාර්ථක වූ නමුත් බවුමා (නොදැවී 90), රාසි වැන්ඩර් ඩසන් (31) සහ ඒඩ්න් මාක්රම් (නොදැවී 51) එක්ව අපහසුවකින් තොරව ඉලක්කය කරා ගියහ. තද සීතල සමගින් සන්ධ්‍යාවේ වර්ෂාව පතිත වන ලකුණු තිබුණු බැවින් දකුණු අප්‍රිකානු පිතිකරුවෝ තමන්ගේ ගමන ඉක්මන් කළහ. 

මෙම තරගාවලියේ පළමු එක්දින තරගය වසර 2021 නොවැම්බර් 26 වැනිදා පැවැති අතර එම තරගය වර්ෂාව නිසා සම්පූර්ණ කළ නොහැකි විය. පසුව කොරෝනා වයිරසයේ පැතිරීමත් සමගම නෙදර්ලන්ත කණ්ඩායම තරගාවලිය අතර මග නවතා ආපසු සියරට බලා ගියේය. 

නෙදර්ලන්තය - ඕවර 46.1 කදී සියලු දෙනා දැවී 189 යි
(වික්‍රම්ජිත් සිං 45, මැක්ස්වෙල් ඕ’ඩාවුඩ් 18, මූසා අහමඩ් 17, තේජා නිදමානුරු 48, ආර්යන් දත් 12, සිසන්දා මගාලා 37/3, තබ්රේස් ශම්සි 25/3, ඇන්රික් නොකියා 24/2)

දකුණු අප්‍රිකාව - ඕවර 30 කදී කඩුලු 2 කට 190 යි
(ටෙම්බා බවුමා නොදැවී 90, රාසි වැන්ඩර්ඩසන් 31, ඒඩ්න් මාක්රම් නොදැවී 51)

- 213

 


අදහස් (0)

දකුණු අප්‍රිකාව තවත් පියවරක් ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.