Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානුවෝ ඇෆ්ඝනිස්ථානය ගෙදර යවති
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

දකුණු අප්‍රිකානුවෝ ඇෆ්ඝනිස්ථානය ගෙදර යවති

editorial - 2023 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

දකුණු අප්‍රිකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර අහමදාබාද් නුවර නරේද්‍ර මෝදි ක්‍රිඩාගංණයේදී අද (10 වැනිදා) පැවැති ‍එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකානුවෝ, ඇෆ්ඝනිස්ථානයට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තිබූ අවසන් අවස්ථාවත් අහිමිකර දැමූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 245 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ, ඕවර 47.3 ක් අවසානයේ කඩුලු 5 දැවී ඉලක්කය පසුකර ගියහ. දකුණු අප්‍රිකානු ඉනිමේ නැංගුරම බවට පත්වූ රාසි වැන්ඩර් ඩූසන් පන්දු 95 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 76 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

ඒඩ්න් මාක්‍රම් (25) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණූ 50 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩූසන්, ඉන් නොනැවති ඩේවිඩ් මිලර් (24) සමග එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 58 කින් ලකුණු 43 ක්ද, ඇන්ඩිල් පෙලුක්වායෝ (නොදැවී 39) සමග එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 62 කින් ලකුණු 65 ක්ද එක්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පන්දු 37 කදී වාර්තා වූ පෙලුක්වායෝගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ඇතුළත් වූ අතර ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් පන්දු 47 කින් ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. නායක ටෙම්බා බවුමා (23) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකාවට සාර්ථක ආරම්භයක් ලබාදීමටද ඩි’කොක් සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 244 ක් ලබාගත්තේය. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ අස්මතුල්ලා ඔමර්සායි, පන්දු 107 කදී නොදැවී ලකුණු 97 ක් රැස්කරමින් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේ සිය ඉනිම හයේ පහර 3 කින් සහ හ‍තරේ පහර 7 කින් සරසමිනි.

රාමට් ෂා (26) සමග එක්ව 4 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඔමර්සායි, ඉන් නොනැවතී රෂීඩ් ඛාන් (14) සමග එක්ව 7 වැනි කඩුල්ලට පන්දු 61 කදී ලකුණු 44 ක්ද, නූර් අහමඩ් (26) සමග එක්ව 8 වැනි කඩුල්ලට පන්දු 49 කදී ලකුණු 44 ක්ද එක්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

 

ඇෆ්ඝනිස්ථානය - ඕවර 50 කදී සියලු දෙනා දැවී දැවී 244
(රහ්මනුල්ලා ගුර්බාස් 25, ඊබ්‍රහීම් සද්‍රාන් 15, රාමට් ෂා 26, අස්මතුල්ලා ඔමර්සායි නොදැවී 97, රෂීඩ් ඛාන් 14, නූර් අහමඩ් 26, ජෙරල්ඩ් කොයෙට්සර් 44/4, කේෂව් මහරාජ් 25/2, ලුංගි න්ගිඩි 69/2)

දකුණු අප්‍රිකාව - ඕවර 47.3 කදී කඩුලු 5 ක් දැවී 247
(ක්වින්ටින් ඩි’ කොක් 41, ටෙම්බා බවුමා 23, රාසි වැන්ඩර් ඩූසන් නොදැවී 76, ඒඩ්න් මාක්‍රම් 25, ඩේවිඩ් මිලර් 24, ඇන්ඩිල් පෙලුක්වායෝ නොදැවී 39, මොහොමඩ් නබී 35/2, රෂීඩ් ඛාන් 37/2)


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ ඇෆ්ඝනිස්ථානය ගෙදර යවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.