Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානු සංචාරයට වෛද්‍ය අනුමැතිය

දකුණු අප්‍රිකානු සංචාරයට වෛද්‍ය අනුමැතිය

යොහාන් භාසුර - 2020 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
 
අවදානමකට ලක්ව තිබෙන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයට වෛද්‍යවරුන්ගේ අනුමැතිය හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය උපදේශක මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. දකුණු අප්‍රිකාවේ තරග සංචාරයකට සහභාගි වෙමින් සිටි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් කීපදෙනකුට ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වීම නිසා එංගලන්ත පිල තරගාවලිය අතහැර දමා සියරට යෑමත් සමඟ මෙම අවදානම් තත්ත්වය උද්ගත විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ තරගාවලියට සහභාගි වීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීම වෛදවරුන්ට පවරා ඇති බවත් ඉදිරි දින දෙක තුළ අවසන් තීරණයක් ගන්නා බවත්ය.

දකුණු අප්‍රිකාවේ ‘කොවිඞ් 19’ වයිරස් අවදානම පිළිබඳව තමන් ඇතු`ඵ වෛද්‍යවරු මේ වන විට කර ඇති පරීක්‍ෂණවලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියට සහභාගි විය හැකි බවට නිර්දේශ කරන බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

“ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියට සහභාගි විය හැකි බවට අපි නිර්දේශ කළත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි අවසන් තීරණය ගත යුතුයි”

“අපි මේ වන විට දකුණු අප්‍රිකානු මෙන්ම එංගලන්ත වෛද්‍යවරු සමඟ ද සාකච්ඡා කරලා තොරතුරු ලබාගෙන තියෙනවා. මීට පෙර අපි කළේ ජනමාධ්‍යයෙන් තොරතුරු ලබාගැනීමයි. නමුත් මෙහිදී අදාල රටේ වෛද්‍යවරුන් සමඟ අපි සම්බන්ධතා ඇතිකරගෙන තොරතුරු ලබාගත්තා”

“අපේ ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයට යනවා නම් ඊට පෙර අපි වෛද්‍යවරයෙක් දකුණු අප්‍රිකාවට යවනවා. එවිට අපිට සංචාරය වඩාත් සාර්ථක කරගන්න හැකි වෙයි” යැයි මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මේ මස 17 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතය. මේ මස 20 වැනිදා පුහුණු සිවුදින තරගයකට සහභාගි වීමට ද නියමිතය.

පළමු ටෙස්ට් තරගය මේ මස 26 වැනිදාද දෙවැනි තරගය ජනවාරි මස 3 වැනිදාද ආරම්භ වීමට නියමිතව තිබේ.
 

 


අදහස් (0)

දකුණු අප්‍රිකානු සංචාරයට වෛද්‍ය අනුමැතිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.