Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිල්හානි ලේකම්ගේ 5 වැනි තැනට

දිල්හානි ලේකම්ගේ 5 වැනි තැනට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හත්වැනි දිනය වන අද (11 වැනිදා) පැවැති හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ දිල්හානි ලේකම්ගේ එම ඉසව්වේ 5 වැනි ස්ථානයට පත් වූවාය.

තෙවැනි උත්සාහයේදී දිල්හානි හෙල්ල විසිකළ මීටර 56.02 ක දුර, මෙම තරගාවලියේදී ඇය දැක්වූ ඉහළම දක්ෂතාවය බවට පත්විය. එහිදී ඇයගේ උත්සාහයන් හය සටහන් වූයේ පිළිවෙලින් මීටර් 51.13 ක්, 53.58 ක්, 56.02 ක්, 53.73 ක්, 49.55 ක් සහ 53.82 ක් ලෙසිනි.

මීටර් 68.92 ක දුරක් හෙල්ල විසිකරමින් නව තරගාවලි වාර්තාවක්ද පිහිටවූ ඕස්ටේ්‍රලියාවේ කැත්‍රින් මිචෙල් එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර මීටර් 63.89 ක දුරක් හෙල්ල විසිකළ ඕස්ටේ්‍රලියාවේම කෙල්සි-ලී රොබට්ස් රිදී පදක්කම දිනාගත්තාය. දකුණු අප්‍රිකාවේ සුනේට් විල්ජොයින් එහි ලෝකඩ පදක්කම දිනාගත්තේ මීටර් 62.08 ක දුරක් හෙල්ල විසිකරමිනි.


- 036

 


අදහස් (0)

දිල්හානි ලේකම්ගේ 5 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.