
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතිය යටතේ පැවැති තරගවලදී ද්විත්ව ශතකයක් සහ ශතක 4 ක් වාර්තා කිරීමට පිතිකරුවෝ සමත් වූහ. එහිදී වාර්තා වූ එකම පුර්ණ ජයග්‍රහණයට හිමිකම් කීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් වූ අතර සෙසු තරග 5 ම ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.
තෙවැනි සතියේ තරගයකදී පිතිකරුවකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර (200) සමත් වූ අතර හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී ඔහු ලබාගත් එම ද්විත් ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 16 කින් සමන්විත විය. එහිදී හිමාෂ රාමනායක (නොදැවී 70) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අෂේන් සමත් විය.
බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු (නොදැවී 100) කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිවත්, නුගේගොඩ කණ්ඩායමේ තිලකරත්න සම්පත් (නොදැවී 129) පානදුර කණ්ඩායමට එරෙහිවත්, පානදුර කණ්ඩායමේ ඕෂධ ප්‍රනාන්දු (128) නුගේගොඩ කණ්ඩායමට එරෙහිවත්, කුරුණෑගල යොවුන් කණ්ඩායමේ ලක්ෂාන් එදිරිසිංහ (116) බදුරලිය කණ්ඩායමට එරෙහිවත් තෙවැනි සතියේදී ශතක ලබාගත්හ.
තෙවැනි සතියේ තරගවලදී අර්ධ ශතක 15 ක් වාර්තා වූ අතර එහිදී බී.ආර්.සී. කණ්ඩායමේ ශමින්ද ප්‍රනාන්දු (92) ද්‍රවිඩ සංගම් කණ්ඩායම හමුවේද, එන්.සී.සී. කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ (97) මුවර්ස් කණ්ඩායම හමුවේද ශතක පෙනි පෙනී සිටියදී දැවී ගියහ. කෝල්ට්ස් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම හමුවේ නොදැවී ලකුණු 96 ක් ලබා ඉනිම නිමාවන විටත් කඩුල්ලේ රැදී සිටියේය.
තෙවැනි සතියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කිරීම කෝල්ට්ස් කණ්ඩායමේ උදිත් මධුෂාන් සමත් වූ අතර බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ පළමු ඉනිමේදී ලකුණු 43 කට කඩුලු 4 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 42 කට කඩුලු 3 ක්ද බැගින් ඉනිම් දෙකේදී කඩුලු 7 ක් දවාගනිමින් ඔහු කැපී පෙනුණු දස්කම් දැක්වීය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ කුරුණෑගල යොවුන් කණ්ඩායමේ චාමික එදිරිසිංහද බදුරලිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ ඉනිම් දෙකේදී කඩුලු 7 ක් බිඳහෙළීමට සමත් වූයේ පළමු ඉනිමේදී ලකුණු 77 කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 81 කට කඩුලු 2 ක් ලෙසිනි. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩසේ කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 88 කට කඩුලු 6 ක්ද, නුගේගොඩ කණ්ඩායමේ අනුක් ප්‍රනාන්දු පානදුර කණ්ඩායමට එරෙහිව ලකුණු 40 කට කඩුලු 5 ක්ද දවාගත්හ.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගම් සහ බී.ආර්.සී. අතර තරගය
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලු දෙනා දැවී 309
(නවෝද් පරණවිතාන 41, සිනෙත් ජයවර්ධන 27, ශාරුජන් ශන්මුගනාදන් 24, විහස් තෙව්මික 32, සචිත ජයතිලක 43, ළහිරු සමරකෝන් 31, විජයකාන්ත් වියස්කාන්ත් 59, මොහොමඩ් සිරාස් 67/3, ශෂික දුල්ෂාන් 50/2, මොවින් සුබසිංහ 60/2, යසුරු රොද්‍රිගූ 67/2)
බී.ආර්.සී. පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 312
(හේෂාන් ධනුෂ්ක 72, ශමින්ද ප්‍රනාන්දුඅ 92, රමිඳ විජේසූරිය 34, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 36, මොවින් සුබසිංහ 20, ළහිරු සමරකෝන් 58/3, විජයකාන්ත් වියස්කාන්ත් 73/3)
ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 76
(නවෝද් පරණවිතාන 19, සිනෙත් ජයවර්ධන 16, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 23, සචිත ජයතිලක නොදැවී 16, මොවින් සුබසිංහ 33/2)
කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 233
(මිනෙත් ප්‍රේමරත්න 20, රොන් චන්ද්‍රගුප්ත 42, ජනිත් ලියනගේ 56, රවිඳු ප්‍රනාන්දු 28, ළහිරු මධුෂංක 39, උදිත් මධුෂාන් 43/4, මුදිත ලක්ෂාන් 18/2, අකිල ධනංජය 52/2)
කෝල්ට්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 299
(රවිඳු රසාන්ත 32, සංගීත් කුරේ 52, දිනේෂ් චන්දිමාල් 32, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 96, ෂෙරාන් ෆොන්සේකා 22, මුදිත ලක්ෂාන් 16, අකිල ධනංජය 20, ජෙෆ්රි වැන්ඩසේ 88/6, රවිඳු ප්‍රනාන්දු 60/3)
බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 238
(රොන් චන්ද්‍රගුප්ත 36, කසුන් අබේරත්න 28, නිපුන් කරුණානායක 31, රවිඳු ප්‍රනාන්දු නොදැවී 100, උදිත් මධුෂාන් 42/3, අකිල ධනංජය 75/3, කවිෂ්ක අංජුල 55/2)
කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී
පානදුර සහ නුගේගොඩ අතර තරගය
පානදුර පළමු ඉනිම - සියලු දෙනා දැවී 118
(දුෂාන් විමුක්ති නොදැවී 40, සසිඳු මල්ෂාන් 22, අනුක් ප්‍රනාන්දු 40/5, ලොහාන් ද සොයිසා 17/3, අබ්දුල් හකීම් 39/2)
නුගේගොඩ පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 318
(මධුක ලියනපතිරණ 42, තිලකරත්න සම්පත් නොදැවී 129, කෙවින් පෙරේරා 40, පැතුම් කුමාර 55, අක්‍රම් මුතාලිබ් නොදැවී 23, දුෂාන් විමුක්ති 84/3)
පානදුර දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 307
(ඕෂධ ප්‍රනාන්දු 128, විෂ්ව චතුරංග 50, සසිඳු මල්ෂාන් නොදැවී 44, දුෂාන් හේමන්ත 22, ෂෙහාන් ජයසූරිය නොදැවී 48)
කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී. සහ මුවර්ස් අතර තරගය
එන්.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 296
(කමිල් මිෂාර 38, අහන් වික්‍රමසිංහ 97, කවින් බණ්ඩාර 69, චාමික කරුණාරත්න 46, ප්‍රවීන් ජයවික්‍රම 56/3, රමේෂ් මෙන්ඩිස් 110/3, සන්තුෂ් ගුණතිලක 62/2)
මූවර්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 317
(සදීර සමරවික්‍රම 58, ජනිෂ්ක පෙරේරා 36, සිතාර ගිම්හාන් 39, රමේෂ් මෙන්ඩිස් 47, ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 50, මිලාන් රත්නායක 32, චාමික ගුණසේකර 41/3, අෂින් ඩැනියෙල් 89/3, ළහිරු කුමාර 37/2, ලසිත් ඇඹුල්දෙණිය 80/2)
එන්.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 103
(නිරෝෂන් දික්වැල්ල 35, ළහිරු උදාර නොදැවී 41, කමිල් මිෂාර 25)
කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
බදුරලිය සහ කුරුණෑගල යොවුන් අතර තරගය
බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 211
(රොෂාන් විජේනායක 50, රුමේෂ් බුද්ධික 76, විනුර දුල්සර 37, චාමික එදිරිසිංහ 77/5, ගයාන් වීරසිංහ 08/3, දිනුෂ්ක මාලන් 50/2)
කුරුණෑගල යොවුන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 295
(දිල්හාර පොල්ගම්පල 31, ලක්ෂාන් එදිරිසිංහ 116, ගයාන් වීරසිංහ 52, සමීර සඳමාල් 34, චානක කොමසාරු 58/4, බුද්ධික සංජීව 80/4)
බදුරලිය දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 216
(දිල්ෂාන් ද සොයිසා 49, අලංකාර අසංක සිල්වා 49, ගීත් කුමාර නොදැවී 31, රුමේෂ් බුද්ධික 49, චාමික එදිරිසිංහ 81/2)

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.