Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තවත් 3 ක් යෝග්‍යතා කඩුල්ල පනිති

තවත් 3 ක් යෝග්‍යතා කඩුල්ල පනිති

රොෂාන් ගුණරත්න - 2021 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා පසුගිය සතියේ පැවැති කිලෝ මීටර් දෙකක් දිවීමේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්වූ ක්‍රීඩකයින් වෙනුවෙන් අද (16 වැනිදා) පැවැති දෙවැනි පරීක්‍ෂණයේදී ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ ඉන් සමත් වූහ.

සිය විවාහ උත්සවය හේතුවෙන් පළමු ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට එක්වීමට නොහැකිවූ කුසල් මෙන්ඩිස්ද අද පැවැති පරීක්‍ෂණයට එක්වී ඇති අතර ඔහුද එම පරීක්‍ෂණයෙන් සමත්වී තිබේ.

මිනිත්තු 8 යි තත්පර 35 ක කාලයක්තුළ කිලෝමීටර 2 ක දුරක් ධාවනය කිරීමට ක්‍රීඩකයන්ට නියම වූ අතර එහිදි මිනිත්තු 8 යි තත්පර 23 ක කාලයකදී ධනුෂ්ක ගුණතිලකද, මිනිත්තු 8 යි තත්පර 27 ක කාළයක් තුලදී භානුක රාජපක්ෂද කිලෝමීටර 2 ක දුර සම්පූර්ණ කිරීමට සමත්වූහ.

මිනිත්තු 8 යි තත්පර 18 ක කාලයකින් කිලෝමීටර 2 ක දුර ප්‍රමාණය සම්පූර්ණ කරමින් කුසල් මෙන්ඩිස් ද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් විය.

පසුගිය සතියේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ කුසල් ජනිත් පෙරේරා සහ ආබාධයක් හේතුවෙන් පසුගියදා පැවැති යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී නොවූ අවිශ්ක ප්‍රනාන්දු ඉදිරි දිනකදී යළිත් මෙම පරීක්ෂණය සදහා මුහුණ දීමට නියමිත බව වාර්තා වෙයි.

(ඡායාරූපය - ධනුෂ්ක ගුණතිලකගේ ට්විටර් ගිණුම අනුග්‍රහයෙනි)


අදහස් (0)

තවත් 3 ක් යෝග්‍යතා කඩුල්ල පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.