Last Update  :  2024-05-17 16:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තර්ජිනි ශ්‍රී ලංකා පිලට සමුදෙයි

තර්ජිනි ශ්‍රී ලංකා පිලට සමුදෙයි

editorial - 2023 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(නාමල් පතිරගේ)

ලෝකයේ උසම හා ජ්‍යෙෂ්ඨතම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස පිළිගැනෙන අඩි  6 අඟල් 9ක් උසැති 44 හැවිරිදි තර්ජිනි ෂිවලිංගම් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායෙමන් සමුගන්නා බව අද (07) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළාය.

ශ්‍රී  ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර දැල්පන්දු තරග ගණනකට සහභාගිවීමෙන්  තවත් වාර්තාවක් පිහිටුවා තිබෙන තර්ජිනි පසුගිය ඉරිදා (6) කේප්ටවුන් නුවර දී නිමාවට පත් වූ  ලෝක දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාව අවසන් (16වැනි) ස්ථානයට පත්වීමෙන් දින කීපයකට පසුව මෙම සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ.

වසර 2004 වවුනියාවේදී පැවැති දැල්පන්දු තරගාවලියකට ආධුනික ක්‍රීඩිකාවක් ලෙස සහභාගි වී සිටින අතර ඇගේ අසාමාන්‍ය උස කෙරහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ එවකට බලධාරීනියක් විසින් එතැන් සිට ඇය ජාතික දැල්පන්දු සංචිතයට බඳවා ගැනීමට කටයුතු කළේය.

එතැන් සිට අද සමුගැනීම දක්වා ඇය ශ්‍රී ලංකා දැල්පන්දු  කණ්ඩායමේ නිත්‍ය පන්දු විදින්නිය ලෙස කටයුතු කරමින් ආසියානු ශූරතා ලෝක ශූරතා රැසක දී සුවිශේෂි දස්කම් දැක්වීමට සමත් වූවාය.

වසර 2019  ලිවර්ෆුල් හිදී පැවැති ජාතික දැල්පන්දු තරාවලියේ වැඩිම ලකුණු ලැබූ හොඳම පන්දු විදින්නියටත් තේරුණු ඇය ඕස්ට්‍රේලියාවේ ලීග් තරග සඳහා තවදුරටත් සහභාගිවන බව පවසයි.


අදහස් (2)

තර්ජිනි ශ්‍රී ලංකා පිලට සමුදෙයි
  • rk Tuesday, 08 August 2023 01:04 AM

    සොහොයුරිය ඔබට සදා ජය.

    Reply 0       0

    wedage Tuesday, 08 August 2023 11:33 AM

    ඔබ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරන්න යන්න.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.