Last Update  :  2025-11-11 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටෝකියෝ ඔලිම්පික් තියනවා මයි

ටෝකියෝ ඔලිම්පික් තියනවා මයි

editorial - 2021 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසර මැදදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල යොදාගත් පරිදි පවත්වන බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අද (22) සවස නිවේදනය කළේය.

කොරෝනා අවදානම හේතුවෙන් මේ වසරේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ජපන් රජයේ අභ්‍යන්තර වාර්තාවකින් හෙළිවී ඇති බව එංලන්තයේ ඩේලි මේල් පුවත්පත ඊයේ (21) වාර්තා කළේය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් කොරෝනා අවදානම හේතුවෙන් එය වසරකින් කල්දමනු ලැබිණ. මේ වසරේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇති බැවින් වසර 2032 දී ඔලිම්පික් උළෙල සංවිධානය කිරීමසඳහා ඉල්ලුම් කිරීමට ජපානය සූදානම් වන බවද එයින් කියැවිණ.

එසේ වුවත් ක්‍රීඩා උළෙල නොපැවැත්වෙන බවට පළවන වාර්තා “විකාර” සහ “අසත්‍ය” යයි කියන ජපාන ඔලිම්පික් කමිටුව සහ ජපන් රජය, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව හා එක්ව කියන්නේ තරගාවලිය ස්ථිර වශයෙන්ම පැවැත්වෙන බවයි.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බෙක් මහතා කියා සිටියේ යොදාගත් පරිදි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්විමට කටයුතු යොදාගෙන යන නමුත් ඒ සඳහා විකල්පයක් නැති බවයි.

“දැනට, මේ මොහොත වන විට, ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ අවුරුද්දේ ජූලි 23 වැනිදා ටෝකියෝ නුවරදී ආරම්භ නොවෙන්න හේතුවක් අපට පෙනෙන්නේ නෑ. ඒ නිසා තමයි ක්‍රීඩා උළෙල වෙනුවෙන් විකල්පයක් යොදාගෙන නැත්තේ.. ක්‍රීඩා උළෙල හැකි තරම් ආරක්‍ෂිතව තියන්න තමයි අපි කටයුතු යොදාගෙන යන්නේ.” යයි තෝමස් බෙක් මහතා ජපානයේ පුවත් පතකට පවසා තිබේ.


- 213

 


අදහස් (0)

ටෝකියෝ ඔලිම්පික් තියනවා මයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.