Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජෝන් ටාබට් තරගාවලියට 18000 ක්

ජෝන් ටාබට් තරගාවලියට 18000 ක්

editorial - 2022 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර දෙකක් පුරා නොපැවැත්වුණු අන්තර් පාසල් ශ්‍රීමත් ජෝන් ටාබට් රිට්ස්බරි මලල ක්‍රීඩා (කනිෂ්ඨ) තරගාවලිය මෙම 30 වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ වේ. ඒ අනුව එහි කලාප තරග වටය දිවයිනේ ස්ථාන තුනක දී එදින සිට ලබන ඔක්තෝබර් 01 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු කෙරේ.

ඒ සඳහා දිවයිනේ පාසල් 800කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18,000ක් පමණ සහභාගිවීමට නියමිතය. කොවිඩ් වසංගතය හමුවේ පසුගිය වසර දෙකක්ම (2020-21) මෙම තරගාවලිය පැවැත්වීම අතහැර දැමීමට සිදුවිය.

වයස 12න් පහළ, 13න් පහළ, 14න් පහළ, 15න් පහළ යන වයස් කාණ්ඩයන්ට අයත් බාලක හා බාලිකා ඉසව්හි මූලික (කලාප) තරග වටය මේ යටතේ පැවැත්වේ.

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ආචාර්ය කුරල් ප්‍රනාන්දු මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ, මෙහි අවසන් වටයේ තරග ලබන දෙසැම්බර් මාසයේ යොදාගත් දිනවල කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි.

දිවයිනේ වාර්ෂිකව සංවිධානය කෙරෙන පැරණිතම මෙන්ම ප්‍රධානතම අන්තර් පාසල් මලල ක්‍රීඩා තරගමාලාවන් වන මෙහි ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් 13 වැනිදා සිට 16 වැනිදා දක්වාය. ඒ සඳහා සහභාගි කර ගන්නේ වයස 16න් පහළ, 18න් පහළ, 20න් පහළ බාලකයන් හා බාලිකාවන්ය. මෙවර සංවිධානය කරන්නේ 90 වැනි තරගාවලියයි.


90 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් අන්තර් පාසල් (කනිෂ්ඨ) තරගාවලිය (2022) පැවැත්වෙන ආකාරය.
කලාප තරග – 1 (දකුණ, උතුරු මැද, - නැගෙනහිර – පළාත් සඳහා අගෝස්තු 30-31 අනුරාධපුරය මහජන ක්‍රීඩාංගණයේදී.
කලාප තරග – II (සබරගමුව – ඌව – දකුණ යන පළාත් සඳහා) ඇඹිලිපිටිය මහජන ක්‍රීඩාංගණයේදී
කලාප තරග III – බස්නාහිර පළාත සඳහා සැප්තැම්බර් 29-30 ඔක්තෝබර් 1 – බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී.

 


ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා (කනිෂ්ඨ) තරගාවලියට ‘‘රිට්ස්බරි’’ සන්නාමය යටතේ අනුග්‍රහය දක්වන සී.බී.එල්. ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් ආයතනය වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරි (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරික චමින්ද පෙරේරා මහතා වෙත අනුග්‍රහය නිල වශයෙන් ප්‍රදානය කළ අයුරු.
එම ආයතනයේ කළමනාකරු (වර්ගීකරණ) අරුණ ලියනපතිරණ, එහි කළමනාකරු (ප්‍රවර්ධන හා සැලසුම් - ජ්‍යෙෂ්ඨ) පන්චාමය රත්නායක, පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ආචාර්ය කුසල් ප්‍රනාන්දු, එහි ලේකම් නිමල් මධුසිංහ, අධීක්ෂණ නිලධාරි සම්පත් ජයසේන, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ උපාලි අමරතුංග යන මහත්වරු ද මෙහි වෙති.

 


අදහස් (0)

ජෝන් ටාබට් තරගාවලියට 18000 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.