Last Update  :  2025-09-13 22:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික ක්‍රීඩා උළෙල කෝටි 2 කින් කරනවා

ජාතික ක්‍රීඩා උළෙල කෝටි 2 කින් කරනවා

editorial - 2022 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මෙපමණ කාලයක් රුපියල් කෝටි 20ක පමණ වියදමක් දැරූ ජාතික මහ ක්‍රීඩා උළෙල උපරිම වශයෙන් රුපියල් කෝටි 2 කින් කර පෙන්වීමට තමා සැළසුම් සකස් කර අවසන් බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පවසයි. අගෝස්තු 12 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර තරුණ දිනය  නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේ පැවැති උත්සවයක දී ඇමැතිවරයා එසේ පැවසීය.

යෞවන කටයුතු හා වාරිමාර්ග ඇමැතිවරයා ලෙසත් කටයුතු කරන රොෂාන් රණසිංහ මහතා පැවසුවේ ජාතික මහ ක්‍රීඩා උළෙල යොවුන් ක්‍රීඩා උළෙල හා මහවැලි ක්‍රීඩා උළෙල සහ රටේ ප්‍රධානතම ක්‍රීඩා උළෙල තුනම මෙම වසරෙදී පවත්වා අවසන් කරන බවයි. ජාතික මහ ක්‍රීඩා උළෙල පිළිබඳව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ එහි උත්සව අවස්ථා  අඩු කරමින් මහජන මුදල් නාස්තිය හැකිතාක් අවම කරමින් එය මෙවර සංවිධානය කිරීමට තමා ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙන බවයි.

‘‘ආසියාවේ වේගවත්ම  මිනිසෙකු දැන් අපේ රටේ ඉන්නවා. අපේ දැරිවියක් පොදුරාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙලේ දී ඉතාම අඩු පහසුකම් යටතේ ලෝකයෙන්ම තෙවැනි තැනට පත්වුණා. අපේ රටේ හැම ක්‍රීඩාවකට දක්ෂ දරුවන් ඉන්නවා. අපේ වගකීම මේ දක්ෂ දරුවෝ සොයා ගෙන ඔවුන්ට උදව් කිරීමයි’’ මෙම උත්සවයේ දී ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය අනුග්‍රහයෙන් වසරේ පැවැත්වෙන ප්‍රධානතම ක්‍රීඩා උළෙල වන ජාතික මහ ක්‍රීඩා උළෙල 2019 දී පැවැත්වීමෙන් පසුව වසර දෙකේදීම (2020 සහ 2021) පැවැත්වීමට නොහැකි විය. ඒ එම දෙවසර පුරාම රට තුළ උද්ගත වූ හදිසි තත්ත්වයන් හා කොවිඩ් වසංගතය හේතුවෙනි.


අදහස් (0)

ජාතික ක්‍රීඩා උළෙල කෝටි 2 කින් කරනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.