Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජනාධිපති රන්කුසලාන දෙබෑගමට- කොස්වාඩියට
ජනාධිපති රන් කුසලාන

ජනාධිපති රන්කුසලාන දෙබෑගමට- කොස්වාඩියට

editorial - 2021 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොස්වාඩිය ‘විජය’ කාන්තා වොලිබෝල් කණ්ඩායම...

(නාමල් පතිරගේ)

කොස්වාඩිය ‘විජය’ ක්‍රීඩිකාවෝ ජනාධිපති ඩයලොග් රන් කුසලාන (කාන්තා) වොලිබෝල් කුසලාන (2020) දිනා ගත්හ.  පිරිමි ශූරතාව අද (05) හිමිකර ගත්තේ දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය විසිනි.

ජනාධිපති ඩයලොග් රන් කුසලාන වොලිබෝල් තරග මාලාවේ (2020) අවසන් මහ තරග අද පස්වරුවේ මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේ දී පැවැත්වුණි.

එහිදී කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය ගල්ගමුව හයිද්‍රාමනි ක්‍රීඩා සමාජයට එරෙහිව වට 3/1 ජයක් වාර්තා කළේය.

ඒ ලකුණු 18/25 -26/24-25/20 25/13 න් පරිදිය. එහිදී ජයග්‍රාහී කොස්වාඩිය ‘විජය’ කණ්ඩායමට අත්දැකීම් පිරිපුන් ජාතික සංචිතයේ ක්‍රීඩිකාවෝ ගණනාවක්ද ක්‍රීඩා කළහ.

තියුණු අවධානයක් දිනා ගත් පිරිමි අවසන් මහ තරගයේදී ජයග්‍රාහකයන් වට 3/1 ක ජයක් අත් වින්දහ. එහිදී නාත්තන්ඩිය ‘යුනයිටඩ්’ ක්‍රීඩා සමාජය ලකුණ 25/14ක් ලෙස පළමු වටය ජය ගත්තත් සෙසු තරගවට තුනේදීම ජය වාර්තා කළේ ලකුණු 25/23, 25/16 හා 28/26ත් පරිදි දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය විසිනි.

එහිදී රන්තරු කණ්ඩායම වෙනුවෙන් මහේෂ් ඉන්ද්‍රජිත් හා කනිෂ්ක මධුශංඛගේ පන්දු ප්‍රහාර කැපී පෙනුනි. නාත්තන්ඩිය යුනයිටඩ් පළමු වටය ජය ගැනීමේ දී  මහේල ඉන්ද්‍රජිත් පන්දු පහරදීම් ඉහළ අගයක් ගත්තේය.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන සංවිධානය කළ මෙම තරගාවලියේ පසුගිය වසරට නියමිතව තිබු තරගාවලියේ අවසන්  මහ තරග මෙලෙස අද පවත්වා අවසන් කෙරිණි.

කෙසේ වුවත් මෙම වසරට (2021) නියමිත තරගාවලිය අන්හැර දැමූ බව වොලිබෝල් සම්මේලනය පවසයි. ශූරයන් අනුශූරයන් හා තෙවැනි ස්ථාන කාන්තා හා පිරිමි තරගාවලියේ දී හිමිකරගත් කණ්ඩායම් වෙත රුපියල් 150,000 ක සිට මුදල් ත්‍යාග පිළිගැන්වුණි.

වසර 2019 තරගාවලියේ පිරිමි ශුරතාව ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජයත් කාන්තා ශූරතාව රඳාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජයත් දිනාගෙන තිබේ.

අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොස්වාඩිය ‘විජය‘ ක්‍රීඩා සමාජයේ දිනේෂා ප්‍රසාදිනීද, පිරිමි අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජයේ සංක දිනෙත් ජයරත්නද සම්මාන දිනාගත්හ.

 

දෙබෑගම රන්තරු පිරිමි වොලිබෝල් කණ්ඩායම...


අදහස් (0)

ජනාධිපති රන්කුසලාන දෙබෑගමට- කොස්වාඩියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.