Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චාරුක - සමන් පසුබසිති

චාරුක - සමන් පසුබසිති

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පස්වැනි දිනය වූ අද (9 වැනිදා) පැවැති බර ඉසිලීමේ ඉසව්වලට සහභාගි වූ ශ්‍රී ලංකාවේ උෂාන් චාරුක සහ සමන් අබේවික්‍රම පිළිවෙලින් ඔවුන් තරග වැඳුණ බර පංතිවල 8 වැනි සහ 9 වැනි ස්ථානවලට පත්වූහ.

කිලෝ ග්‍රෑම් 105 ට වැඩි (පිරිමි) බර පංතිය යටතේ තරග වැදුණ චාරුක, ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 142 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 187 ක් එසවීය. එහිදී ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 329 කි.

නව තරගාවලිය වාර්තාවක්ද පිහිටුවමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට නවසීලන්තයේ ඬේවිඞ් ලිටී (කිලෝ ග්‍රෑම් 403) සමත් වූ අතර රිදී පදක්කම සැමොවා දේශයේ ලවුයිටිටි ලූයි (කිලෝ ග්‍රෑම් 400) සතුවිය.

කිලෝ ග්‍රෑම් 395 ක බරක් එසවූ පාකිස්තානයේ මොහොමඞ් ඩස්ට්ගිර් එහි ලෝකඩ පදක්කම දිනාගත්තේය.
කිලෝ ග්‍රෑම් 105 (පිරිමි) බර පංතිය යටතේ තරග වැදුණ සමන්, ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 130 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 160 ක් එසවීය. එහිදී ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 290 කි.

එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සැමොවා දේශයේ සනේල් මාවෝ (කිලෝ ග්‍රෑම් 360) සමත් වූ අතර රිදී පදක්කම ඉන්දියාවේ ප්‍රදීප් සිං (කිලෝ ග්‍රෑම් 352) සතුවිය. කිලෝ ග්‍රෑම් 351 ක බරක් එසවූ එංගලන්තයේ ඕවෙන් බොක්සල් එහි ලෝකඩ පදක්කම දිනාගත්තේය.


- 036

 


අදහස් (0)

චාරුක - සමන් පසුබසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.