
ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) සහ 71 වන සංවත්සරයට සමගාමීව කීර්තිමත් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් වන තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් නිලයට බඳවා ගන්නා ලදි. අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ තවමත් ඉදිරියෙන් සිටින මෙම ක්‍රීඩකයෝ දෙදෙනාම ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමට නායකත්වය දුන් ක්‍රීඩකයෝ දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනා යුද හමුදාවට නිල වශයෙන් බඳවා ගැනීමේ සරල උත්සවයක් අද (9) උදෑසන අණදෙන නිලධාරි කාර්යාලයේදී පැවැතියේය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති මෙන්ම කොරෝනා වයිරසය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින්, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායට සම්බන්ධ වූ ඔවුන් දෙදෙනාට නිල ලාංඡන පළඳවන ලදි.
පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ පළමු නායකයා වූ මේජර් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුදායුධ බලකායට බඳවා ගත් අතර මේජර් තිසර පෙරේරා ගජබා රෙජිමේන්තුවට බඳවා ගැනිණ.

- 2079
chandana Friday, 09 October 2020 04:51 PM
ඇතැම් ක්‍රීඩකයින් දැන්වීම් වලින්, වෙළඳාම් වලින් ජනතාව නොමග යවා තම මඩිය තරකර ගන්නා විට තවත් ක්‍රීඩකයින් මෙසේ රට, ජාතිය වෙනුවෙන්ද කැප වෙති. සැබෑ වීරත්වයද, සැබෑ දේශප්‍රේමීත්වයද රට වෙනුවෙන් කටයුතු කිරීමද මෙය යයි මම සිතමි.
Reply 0 0
Thasanka Weerakoon Sunday, 11 October 2020 04:13 AM
මහේල, සංගා, මුරලි හමුදාපති කරමුද?
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.