Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාල්ල වේලාසනින්ම ඉදිරියට පනී
ජාතික සුපිරි ලීගය

ගාල්ල වේලාසනින්ම ඉදිරියට පනී

editorial - 2023 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඉනිමේ කොඳුනාරටිය බවට පත්වූ සංගීත් කුරේගේ ශතකය වටා එක්රැස්වූ ගාල්ල පිතිකරුවෝ මහනුවර පිලට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික සුපර් ලීග් තරගයේ දෙවැනි දිනය වූ අද (27 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 365 ක් එක්කාසු කරගත්හ. මුල් ඉනිමේදී ලකුණු 75 ක වාසියක් සහිත ගාල්ල ක්‍රීඩකයෝ තරගයේ දින දෙකක් ඉතිරිව තිබියදීම, ලකුණු 21 ක් ඇතුළත, මහනුවර පිලේ කඩුල්ලක් දවාගත්හ.

ලකුණු ලබාගැනීමට පෙරම, ගාල්ල පිලේ ආරම්භක කඩුල්ල දැවී ගිය නමුත් නොසැලුණු සංගීත් කුරේ, අංක 3 පිතිකරුවා වූ ලක්ෂාන් එදිරිසිංහ සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 144 ක් එක්කළේය ඉන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස්ට එක්වූ සංගීත්, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 82 ක සම්බන්ධතාවකට දායක විය. මුලු ලකුණු සංඛ්‍යාව 297 දී සංගීත් දැවී යන වට ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් වී තිබිණ.


මහනුවර - පළමු ඉනිම 290 යි
(උදයවංශ පරාක්‍රම 49, කසුන් විදුර 16, සඳුන් වීරක්කොඩි 76, අහන් වික්‍රමසිංහ 62, රවීන් යයස් 10, මොවින් සුබසිංහ 30, වනුජ සහන් 12, නිපුන් රංසික 12, කවිශ්ක අංජුල 56/2, අසංක මනෝජ් 31/4)

ගාල්ල - පළමු ඉනිම 365 යි
(සංගීත් කුරේ 132, ලක්ෂාන් එදිරිසිංහ 70, ඇන්ජලෝ මැතිව්ස් 44, ධනංජය ලක්ෂාන් 16, විශාද් රන්දික 53, රමේෂ් මෙන්ඩිස් 10, මොහොමඩ් ෂිරාස් නොදැවී 15, නිපුන් රංසික 85/3, වනුජ සහන් 105/3,

මහනුවර - දෙවැනි ඉනිම කඩුලු 1 ට 21 යි
(කසුන් විදුර නොදැවී 14)


අදහස් (0)

ගාල්ල වේලාසනින්ම ඉදිරියට පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.