Last Update  :  2026-04-02 17:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝල්ට්ස් පිල අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ශූරතාව දිනයි

කෝල්ට්ස් පිල අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ශූරතාව දිනයි

editorial - 2026 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ 2025-26 අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත් විය. සුපිරි 8 දෙනාගේ වටය අවසානයේ එක් තරගයක් ජයගැනීමටත්, සෙසු තරග 6 ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමටත් සමත් වූ කෝල්ට්ස් කණ්ඩායම ලැබූ ලකුණු සංඛ්‍යාව 72.765 කි. 

තරගාවලියේ අවසන් සතිය යටතේ පැවැති තරගයකදී එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට කෝල්ස් කණ්ඩායම සමත් වූ අතර එහිදී කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් (144) සහ සනෝජ් දර්ෂික (නොදැවී 100) ශතක ලබාගැනීමට සමත් වූහ. කමිල් මිෂාර (187) සහ ළහිරු උදාර (නොදැවී 100) එන්.සී.සී. කණ්ඩායම වෙනුවෙන් ශතක ලැබූ ක්‍රීඩකයෝ වූහ. 

තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි එන්.සී.සී. කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 161 ක් ලබා සිටියේය. එහිදී චන්දිමාල් ලබාගත් ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 13 කින් සමන්විත වූ අතර සනෝජ්ගේ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් විය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් සංගීත් කුරේ (40) සමග එක්ව ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩගැනීමටද චන්දිමාල් සමත් විය.

මෙවර ශූරතාව දිනූ කෝල්ට්ස් කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත්වූ චන්දිමාල් තරග 9 ක ඉනිම් 13 ක් තුළ ශතක 3 ක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 849 ක් රැස්කිරීමට සමක් වූයේ 65.30 ක සාමාන්‍යයක් සහ 89.36 ක ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවාගනිමිනි. වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ සිවුවැනි ස්ථානය හිමිකර ගැනීමටද චන්දිමාල් සමත් විය. 

තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර තෙවැනියා බවට පත්වූ කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය තරග 10 ක ඉනිම් 17 කදී කඩුලු 53 ක් දවාගත් අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 22.58 ක් ලෙසද, ඕවරයකදී ලබාදී තිබූ ලකුණු සංඛ්‍යාව 3.35 ක් ලෙසද සටහන් විය. අකිලගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වූයේ ලකුණු 39 කට කඩුලු 7 ක් දවාගැනීමය. 


එන්.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 431 
(නිරෝෂන් දික්වැල්ල 54, ළහිරා උදර 94, කමිල් මිෂාර නොදැවී 187, අහන් වික්‍රමසිංහ 20, කවිඳු පතිරණ 30, කවිෂ්ක අංජලු 83/4, අකිල ධනංජය 140/3) 

කෝල්ට්ස් පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 441 
(සංගීත් කුරේ 40, දිනේෂ් චන්දිමාල් 144, ධනංජය ලක්ෂාන් 30, සනෝජ් දර්ෂික නොදැවී 100, සුකිත මනෝජ් 29, කවිෂ්ක අංජුල 28, අකිල ධනංජය නොදැවී 18, චාමික කරුණාරත්න 58/2, ලසිත් ඇඹුල්දෙණිය 85/2, ශක්ති උදාර 88/2) 

එන්.සී.සී. දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 161 
(ළහිරු උදාර නොදැවී 100, විනුක රූබසිංහ නොදැවී 61) 


අදහස් (0)

කෝල්ට්ස් පිල අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.