Last Update  :  2024-05-13 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ පිලට ලකුණු 71 ක ජයක්
ජාතික සුපිරි ලීගය - 2023

කොළඹ පිලට ලකුණු 71 ක ජයක්

editorial - 2023 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ ගාල්ල කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාගංණයේදී ඊයේ (30 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 71 ක ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 226 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට ඕවර 39.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 154 ක් පමණි. නුවන් ප්‍රදීප් සහ දුෂාන් විමුක්ති කඩුලු 3 බැගින් බිඳහෙළමින් ගාල්ල ඉනිම අඩු ලකුණු සංඛ්‍යවකට සීමා කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම සචිත ජයතිලකගේ (58) පිතිහරඹය හමුවේ ඕවර 48 ක් අවසන් විට සියලු දෙනා දැවී ලකුණු 225 ක් ලබාගත්තේය. පන්දු 74 කදී වාර්තා වූ සචිතගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක ඕවර 9 ක් යවමින් ලකුණු 37 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. කොළඹ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් කවිෂ්ක අංජුල සහ තිලංග උදේෂන කඩුලු 2 ක බැගින් දවාගත්හ.


කොළඹ පිල - ඕවර 48 කදී සියලු දෙනා දැවී 225
(සිතාර ගිම්හාන 44, දුෂාන් විමුක්ති 46, අෂේන් බණ්ඩාර 19, සචිත ජයතිලක 58, මිලාන් රත්නායක 37/4, තිලංග උදේෂන 45/2, කවිෂ්ක අංජුල 54/2)  

ගාල්ල පිල - ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 154
(සොහාන් ද ලිවේරා 19, පැතුම් කුමාර 22, සුමින්ද ලක්ෂාන් 26, කවිෂ්ක අංජුල 21, අකිල ධනංජය 27, නුවන් ප්‍රදීප් 31/3, දුෂාන් විමුක්ති 34/3, උදිත් මධුෂාන් 15/2)


අදහස් (0)

කොළඹ පිලට ලකුණු 71 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.