Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වෝ දෙවැනි තරගයත් දිනති

කොදෙව්වෝ දෙවැනි තරගයත් දිනති

editorial - 2021 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජයග්‍රහණය කණ්ඩායම් දෙක අතර දෝලනය වෙමින් පැවැති අවස්ථාවක කොදෙව් පිලේ සිටින යෝධයා වන රකීම් කෝන්වෝල්ගේ විශිෂ්ට උඩපන්දු රැකීමක් හේතුවෙන් බංග්ලාදේශයටට එරෙහිව ඩකාහිදි පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 17 ක ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය. ඒ අනුව අයි.සී.සී ලෝක ටේස්ට් ශූරතාවලිය යටතේ පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගත් බටහිර ඉන්දීය කොදෙව් පිලට ප්‍රසාද ලකුණු 120 ක් හිමිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 231 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩාමට සිය දෙවැනි ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 213 ක් පමණි. 

ලකුණු 153 කට කඩුලු 7 ක් දැවී තිබියදී පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි මෙහෙදි හසන් හුදකලා සටනක නිරත වෙමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කළද අවසන් කඩුල්ල ලෙස ඔහුගේ දැවීයාමත් සමගින් එම බලාපොරොත්තු සුනුවිසුණුවී ගියේය. මිනිත්තු 77 ක කාලයක් කඩුල්ලේ රැඳෙමින් පන්දු 56 කට මුහුණදුන් මෙහෙදි හසන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 31 ක් ලබාගත්තේය. 

ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් අර්ධ ශතකයක් (50) ලබාගත්තද සෙසු පිතිකරුවන් හට ලකුණු අතරට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

බංග්ලාදේශ ඉනිම ආරම්භයේ සිට ඉනිම අවසන් වනතෙක් එක දිගට ඕවර 30 ක් යැවූ රකීම් කෝන්වෝල් කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ඔහුට අනගි සහයක් ලබාදුන් ජොමෙල් වැරිකන් සහ ක්‍රෙග් බ්‍රැත්වේට් කඩුලු 3 බැගින් දවාගනිමින් බටහිර ඉන්දීය කොදෙව් පිලේ ජයග්‍රහණයට දායක වූහ.

සෙනසුරාදා (13 වැනිදා) තරගය අවසන් කරන විට ලකුණු 41 කට කඩුලු 3 ක් අහිමිකරගෙන සිටි බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඉතිරි කඩුලු 7 අද උදෑසන තවත් ලකුණු 76 ක් තුල දවාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී තයිජුල් ඉස්ලාම් කඩුලු 4 ක් ද, නයීම් හසන් කඩුලු 3 ක් ද, අබු ජයේද් කඩුලු 2 ක් සහ මෙහෙදි හසන් කඩුල්ලක් ලෙස ඔවුන් අතර බෙදී ගියහ.

කෘමා බෝනර් ලකුණු 38 ක් ද, ජොසුවා ද සිල්වා ලකුණු 20 ක් සහ ජෝන් කැම්බල් ලකුණු 18 ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණ. 

තවත් දිනයක් ඉතිරිව තිබියදීම තරගය අවසන් වූ අතර අද දිනය තුළදී පමණක් කණ්ඩායම් දෙකෙහි කඩුලු 17 ක් බිඳ වැටුණි.

බ.ඉ.කොදෙව් පළමු ඉනිම - සියලුදෙනා දැවී 409

බංග්ලාදේශ පළමු ඉනිම - සියලුදෙනා දැවී 296

බ.ඉ.කොදෙව් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 117
(කෘමා බෝනර් 38, ජොසුවා ද සිල්වා 20, තයිජුල් ඉස්ලාම් 36/4, නයීම් හසන් 34/3, අබු ජයේද් 32/2)

බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 213
(ටමීම් ඉක්බාල් 50, මොමිනුල් හක් 26, ලිටන් දාස් 22, මෙහෙදි හසන් 31, රකීම් කෝන්වෝල් 105/4, ජොමෙල් වොරිකන් 47/3, ක්‍රෙග් බ්‍රැත්වේට් 25/3)

- 2079


අදහස් (0)

කොදෙව්වෝ දෙවැනි තරගයත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.