Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වන්ට වාර්තාගත ජයක්

කොදෙව්වන්ට වාර්තාගත ජයක්

editorial - 2024 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ, වසර 27 කට පසුව ඕස්ට්‍රේලියාවේදී පැවැති ටෙස්ට් තරගයකින් ඕස්ට්‍රේලියානුවන් පරාජය කිරීමේ සතුට භුක්ති විඳීමට අවස්ථාව උදාකර ගත්හ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවන්ට ශාමර් ජෝෂප්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 207 ක් පමණි. අවසන් මොහොත දක්වාම සටන අත් නොහළ ශාමර් ජෝෂප් ලකුණු 68 කට කඩුලු 7 ක් බිඳහෙළමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

තරගය නිමාවට පත්වන විට ආරම්භක පිතිකරු ස්ටීවන් ස්මිත් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 91 ක් ලබා ශතකයට ලකුණු 9 ක් පසුපසින් සිටියේය. ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ජොෂ් හෙසල්වුඞ් ලකුණු නොළබා දැවී යන විට ඕස්ට්‍රේලියානුවන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේද ලකුණු 9 ක් පමණි. 

පළමු ටෙස්ට් තරගයේදී එක් ඉනිමක් තුළ කඩුලු 5 ක්ද, මෙම තරගයේදී ඉනිම් දෙකක් තුළ කඩුලු 8 ක්ද දවාගනිමින් දැක්වූ විශිෂ්ඨ දස්කම් හේතුවෙන් ශාමර් ජෝෂප් මෙම තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය. මෙම තරගය ජයගැනීමට කොදෙව්වන් සමත්වීමත් සමග දෙරට අතර පැවැති තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් විය.


කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 311
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 9 කට 289 
කොදෙව් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 193 
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 207 

(ස්ටීවන් ස්මිත් නොදැවී 91, කැමරන් ග්‍රීන් 42, මිචෙල් ස්ටාක් 21, ශාමර් ජෝෂප් 68/7, අල්සාරි ජෝෂප් 62/2) 

- 036


අදහස් (0)

කොදෙව්වන්ට වාර්තාගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.