Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර තරග තුනකින් සමන්විත ‘ශ්‍රීමත් විවියන් රිචඞ්ස්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පෝර්ට් එළිසබෙත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (28) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 147 ක් රැස්කර සිටියේය.
ආරම්භක පිතිකරු ක්‍රෙග් බ‍්‍රැත්වයිට් (නොදැවී 65) සහ මාලන් සැමුවෙල්ස් (නොදැවී 60) තෙවැනි කඩුල්ලට ලකුණු 92 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.
මෙම අර්ධ ශතකය 22 හැවිරිදි ක්‍රෙග් බ‍්‍රැත්වයිට්ගේ හත්වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.
පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 417 ක් ලබා සිටියදී තේ විවේකයට පෙර ඉනිම අත්හිටුවීය.
තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (27) වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීම නිසා දිනයේ ක‍්‍රීඩාව ඕවර 6 කට සීමා වීමෙන් දකුණු අප‍්‍රිකානු පළමු ඉනිම තෙවැනි දින දක්වා දිග හැරුණි.
තෙවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස නායක හෂීම් අම්ලා ලකුණු 33 ක් ලබා දැවී ගියේය.
ප‍්‍රවේගකාරී පිතිකරු ඒ. බී. ඩිවිලියස් පන්දු 25 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 10 ක් ලබා පස්වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් දකුණු අප‍්‍රිකානු ලකුණු වේගය අඩාල විය.
දෙවැනි දිනයට ක‍්‍රීඩාව අවසන් කරන විට දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 289 ක් රැස්කර සිටියේය.
ෆෆ් ඩූ ප්ලීසිස් දෙවැනි දිනයේ පළමු පන්දුවට ගැසූ හතරේ පහරින් ශතකය සම්පූර්ණ කළ අතර දෙවැනි පන්දුවේදී තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ෆෆ් ඩූ ප්ලීසිස් පන්දු 230 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 103 ක් රැස් කළ අතර එය ප්ලීසිස්ගේ සිවුවැනි ටෙස්ට් ශතකයයි.
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම ඕවර 122 කදී කඩුලූ 8 ට 417
(ඞීන් එල්ගර් 121, ඇල්විරෝ පීටර්සන් 17, ෆෆ් ඩූ ප්ලීසිස් 103, හෂීම් අම්ලා 33, ස්ටේන් වැන්සිල් 29, වර්නන් පිලෙන්ඩර් නොදැවී 13, ඩෙයින් ස්ටෙයින් 58, ජෙරමි ටේලර් 114/2, ෂැනොන් ගේබ්රියල් 80/2, කෙන්රොයි පීටර්ස් 69/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 44 කදී කඩුලූ 2 ට 147
(ක්‍රෙග් බ‍්‍රැත්වයිට් නොදැවී 65, ඩෙවොන් ස්මිත් 22, මාලන් සැමුවෙල්ස් නොදැවී 60, මොනේ මොර්කල් 24/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.