Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයට එරෙහිව මෙටරදී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට කුසල් පෙරේරා ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
මේ වන විට 29 වැනි වියේ පසුවන කුසල් පෙරේරා, ටෙස්ට් තරග 18 කදී ඉනිම් 33 ක් තුළ ලකුණු 934 ක් රැස්කරගෙන ඇති අතර ඊට ශතක 2 ක් සහ අර්ධ ශතක 4 ක් ඇතුළත් වේ. ඉකුත් වසරේ (2019) පෙබරවාරි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 153 ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම ලෙස සටහන් වේ.
කුසල්ගේ ආගමනයත් සමග ළහිරු තිරිමාන්නට ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් අහිමි වී ඇති අතර ඔහු හැරුණු කොට අවසන් වරට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියට සහභාගි වූ සෙසු ක්‍රීඩකයන් සියලු දෙනාම යළිත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිති.
තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබුණද, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි තරගයේදී ඇති වූ පාදයේ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමිවනු ඇත. ඉදිරි දින කිහිපයේදී ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයකු සංචිතයට ඇතුළත් කිරීමට නියමිතය.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය මේ මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද, දෙවැනි තරගය 27 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග
-036
B.subasinghe Wednesday, 11 March 2020 06:31 AM
කරැණාකර අසන්ත ද මෙල් මහතා තේරීම් කමිටුවෙන් ඉවත් කරන්න. ඒ වගේම ඔහුට ක්‍රිකට් ආයතනය අසළටවත් එන්න දෙන්න එපා. ඔහු සාපයක්.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.