Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුක් ටෙස්ට් වාර්තා පොතට

කුක් ටෙස්ට් වාර්තා පොතට

Nisanka Sandeepani - 2017 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් ඉනිමක ආරම්භයේ සිට අවසානය දක්වා කඩුල්ල රැකගත් ක්‍රීඩකයකු විසින් වාර්තා කරන ලද  වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ඇලිස්ටෙයාර් කුක් විසින් අද (29 වැනිදා) හිමිකරගන්නා ලදි.

එංගලන්ත පිලේ හිටපු නායකයාද වන කුක් අළු බඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වැනි  තරගයේදී එංගලන්තය වෙනුවෙන් නොදැවී ලකුණු 244 ක් ලබාගත්තේය. 

ලෝකයේ පළමු වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසින් සැලකෙන මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී විදේශීය පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද අද (සිකුරාදා) අද පෙරවරුවේදී තමන් සතුකරගත් එංගලන්ත පිලේ හිටපු නායකයා මේ වන විටත් තරගාවලිය පරාජය වී සිටින එංගලන්ත කණ්ඩායමට ලකුණු 164 ක මුල් ඉනිමේ වාසියක් අත්කර දුන්නේය. 

මීට පෙර ටෙස්ට් ඉනිමක ආරම්භයේ සිට අවසානය දක්වා කඩුල්ල රැකගත් ක්‍රීඩකයකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 1972 දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ග්ලෙන් ටර්නර් ලබාගත් ලකුණු 223 යි.

 


අදහස් (0)

කුක් ටෙස්ට් වාර්තා පොතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.