Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කී‍්‍රඩකයන්ගේ ඉල්ලීම් සලකා බැලෙයි

කී‍්‍රඩකයන්ගේ ඉල්ලීම් සලකා බැලෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරගාවලි වලට සහභාගි වීමේදී ගෙවනු ලබන ‘කී‍්‍රඩකයන්ගේ කොටස’ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය වඩාත් ළිහිල් කරමින් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට ගෙවනු ලබන දීමනා තවත් වැඩි කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගැනීමට තිබේ.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා වන ගෙවීම ඩොලර් ලක්‍ෂ 3 ට වඩා ඉහළ දැමීමටත් අවසන් පූර්ව වටයට පැමිණීමේදී සහ කුසලාන දිනාගැනීමේදී ගෙවන ලබන දීමනාව තවදුරටත් ඉහළ දැමීමටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වෙයි.

මෙවර වි:20 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයෙන් ඔබ්බට යාමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇති හැකියාව සහ සම්භාවිතාවද සලකා බලමින් කණ්ඩායම වඩාත් දිරිමත් කිරීම සඳහාත් ‘කී‍්‍රඩකයන්ගේ කොටස’ සාධාරණ මට්ටමකින් ඉහළ දැමීම සඳහාත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මෙවන් තීරණයක් ගැනීමට උත්සුක වන බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ.

මෙම දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව සාකච්ඡුාවට ගැනීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේ හදිසි රැස්වීමක් අද (13 වැනිදා) කැඳවා තිබේ. අදාළ යෝජනා සහිත ගිවිසුම් පත‍්‍රය සකස් කිරීම සඳහා ඊට විධායක කමිටුවේ අනුමැතිය හිමිවිය යුතුය.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් සංවිධානය කරනු ලබන ලෝක කුසලාන තරග වලට සහභාගි වීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට ගෙවනු ලබන කොටස සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් සහ කී‍්‍රඩකයන් අතර ඊයේ (12 වැනිදා) සවස විශේෂ සාකච්ඡවක් පැවැත්විණ.

මෙම රැස්වීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කියා සිටියේ විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුවහොත් කණ්ඩායමේ දීමනාව ඩොලර් ලක්‍ෂ 5 සිට ඩොලර් මිලියනක් දක්වා වැඩි කිරීමට සූදානමින් බවයි. ශී‍්‍ර ලංකා පිල අවසන් පූර්ව වටයට පැමිණෙන්නේ නම් එම මුදල ඩොලර් ලක්‍ෂ 4 ක් දක්වාත් තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ඩොලර් ලක්‍ෂ 3 ක මුදලකුත් ගෙවන බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කී‍්‍රඩකයන්ට දන්වා සිටියේය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට ඇතුළත් වූ කොන්දේසි අනුව ලෝක කුසලාන තරගාවලි ගෙවීම් සම්බන්ධයෙන් කී‍්‍රඩකයන් නොසතුටට පත්ව සිටි අතර කී‍්‍රඩකයන්ගේ ඉල්ලීම වූයේ ලෝක කුසලාන තරගාවලි වලින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට හිමිවන මුදලින් 20% ක ප‍්‍රමාණයක් තමන්ට හිමිවිය යුතු බවයි. එහෙත් ඒ සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය එකග නොවීම නිසා දෙපාර්ශ්වය අතර මත ගැටුම් නිර්මාණය වී තිබිණ.

ඊයේ සවස පැවැති හමුවේදී කී‍්‍රඩකයන් කියා සිටියේ මේ වසරේදී පැවැත්වෙන වි:20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවනු ලබන ඩොලර් මිලියන 8.9 ක මුදලට කී‍්‍රඩකයන්ගේ රූප භාවිතා කිරීම වෙනුවෙන් ගෙවනු ලබන ඩොලර් මිලියන 2 ක්ද එකතු වී ඇති බවත් එසේ නොවන්නේ නම් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට හිමිවන්නේ ඩොලර් මිලියන 6.9 ක් පමණක් බවත්ය.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිත්‍ය අනුග‍්‍රාහකයන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ රූප භාවිතා කරමින් දැන්වීම් නිර්මාණය කරන හෙයින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් එවන් මුදලක් සෑම කි‍්‍රකට් පාලක මණ්ඩලයකටම ගෙවනු ලබයි.

කෙසේ වෙතත් ඊයේ පැවැති හමුව ඉතාමත් සුහද ලෙසින් අවසන් වී ඇති අතර කී‍්‍රඩකයන් පවසා ඇත්තේ තත්ත්වය කුමක් වුවත් තමන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන බවත් තමන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බලා සාධාරණය ඉටු කිරීම කි‍්‍රකට් නිලධාරීන් සතු වගකීමක් බවත්ය.

ඇන්ජලෝ මැතිව්ස්, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, නුවන් කුලසේකර, තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග සහ රංගන හේරත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටු නියෝජිතයන් හා පැවැති මෙම හමුවට සහභාගි වූහ. ඉහළම මට්ටමේ නිලධාරීහු සිවු දෙනෙක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව නියෝජනය කළහ.

විස්සයි:20 ලෝක කුසලාන තරාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා පිරිමි සහ කාන්තා කි‍්‍රකට් කණ්ඩායම් මේ මස 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය.


අදහස් (0)

කී‍්‍රඩකයන්ගේ ඉල්ලීම් සලකා බැලෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.