Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කැනඩාව 2-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

කැනඩාව 2-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් ඉසව්වට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ අද (7 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී කැනඩාව හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත්විය.

පළමු වටය ලකුණු 21/11 ක් ලෙස ජයගත් කැනඩා ක්‍රීඩකයෝ දෙවැනි වටය ලකුණු 21/5 ක් ලෙස ජයගනිමින් සමස්ත තරගයෙන් වට 2-0 ක පහසු ජයක් අත්කරගත්හ.

මෙම තරගයේදී අසංක ප්‍රදීප් කුමාර සහ මලින්ත යාපා ශ්‍රී ලංකා කණ්ඩායම නියොජ්නය කළ අතර සැමුවෙල් පෙඞ්ලෝ සහ සෑම් ස්චැච්ර් කැනඩා කණ්ඩායම නියෝජනය කළහ.

‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය සියේරා ලියෝන් දේශයට එරෙහිව ලබන 9 වැනිදාද පැවැත්වීමට නියමිතය.

 

කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගය  
■    කැනඩාව විසින් තරග වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි. (21/11, 21/5)


- 036

ඡායාරූපය - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි


අදහස් (0)

කැනඩාව 2-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.