
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (22 වැනිදා) ආරම්භ වූ පළමු එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය.
ආර්. ප්‍රේමදාස තණතීරුවේ තණකොළ ගහක් වත් පෙනෙන්නට නැති අතර එය සම්පූර්ණයෙන්ම ළා දුඹුරු පැහැයක් ගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂඥ දඟ පන්දු යවන්නන් දෙදෙනකුගෙන් සමන්විත වන නමුත් ධනංජය ද සිල්වා සහ චරිත් අසලංකත් සමගින් කණ්ඩායමේ දඟ පන්දු යවන්නෝ සිව් දෙනෙකි..
එංගලන්ත කණ්ඩායම දින තුනකට කලින් නම්කර තිබුණ නමුත් විල් ජැක්ස් අවසන් මොහොතේදී අසනීප වීම හේතුවෙන් රෙහාන් අහමඩ් එංගලන්ත පිලට එක්වී තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.