Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
දැනට බලපැවැත්වෙන 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 18 සහ 19 වන වගන්ති සමග කියවිය යුතු 41 වැනි වගන්තිය යටතේ, නියෝග කිහිපයක් පැනවීමට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ. ඇමතිවරයා විසින් පනවන ලද නව නියෝග වලින් 10, 11 සහ 12 වැන්න ජාතික ඔලිම්පික් කමිටුවට අදාළ වේ.
නව නියෝග මගින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරික යන තනතුරු තුනෙන් කුමන හෝ තනතුරක් ඉසිලිය හැකි උපරිම කාලය වසර 08 කි. එනම් වසර 04 ක් බැගින් වූ ධූර කාල දෙකකි.
ධූර කාල දෙකක් ධූර දරා ඇති සභාපතිවරයකු කිසිදු තනතුරකට නැවත තෝරා පත්කරගැනීමට සුදුස්සකු නොවන නමුත් කමිටු සාමාජිකත්වය දැරීමට නුසුදුස්සකු නොවිය යුතුය. ජාතික ඔලිම්පික් කමිටුවේ ඕනෑම නිලධාරියකුගේ හෝ කමිටු සාමාජිකයකුට තනතුරු දැරිය හැකි උපරිම වයස් සීමාව වයස අවුරුදු 70 දක්වා සීමා කරනු ලබන්නේය.
මෙම නියෝග වලට අමතරව ජාතික ක්‍රීඩා සංගම් සහ සම්මේලන වලට බලපැවැත්වෙන පරිදි තවත් නියෝග කිහිපයක් ක්‍රීඩා ඇමතිවරයා විසින් සංශෝධනය කරනු ලැබ තිබේ.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාතික ක්‍රීඩා සංගම් සඳහා පනවන ලද නව නියෝග කිහිපයක් පහත පරිදි වේ.
■ ජාතික ක්‍රීඩා සංගමයක විධායක සභාවේ ධූරකාලය උපරිම වශයෙන් වසර 2 කි. එහිදී කිසියම් නිලධාරියකු ධූර කාල දෙකක් (වසර 04 ක්) සභාපති ධූරය දරා ඇත්නම්, නැවත සභාපති ධූරයට තේරීපත්වීමට නුසුදුස්සෙකු විය යුතුය. එසේ වුවද තවත් වසර 4 ක කාලයක් කමිටු සාමාජිකත්වය දැරීමට එය බාධාවක් නොවේ.
■ එමෙන්ම, ධූර කාල 4 ක් (වසර 08 ක කාලයක්) ධූර දරා ඇත්නම්, නැවත තේරී පත්වීමට නුසුදුස්සෙකු විය යුතු අතර කමිටු සාමාජිකත්වය දැරීමට ද නුසුදුස්සකු විය යුතුය.
■ කිසියම් කමිටු සාමාජිකයකුට කමිටු සාමාජිකත්වය දැරිය හැකි උපරිම කාල සීමාව ධූර කාල 04 ක් හෙවත් වසර 08 කි.
■ එසේම ඕනෑම නිලධාරියකුට හෝ කමිටු සාමාජිකයකුට එකී ධූර කාලය දැරිය හැකි උපරිම වයස් සීමාව වයස අවුරුදු 70 දක්වා සීමා කරනු ලබන්නේය.
■ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ලිඛිත අනුමැතිය යටතේ සමාජයට, ක්‍රීඩාවට සුවිශේෂී සේවයක් කළ හා රජයට සුවිශේෂී ආදායම් බදු ගෙවන පුද්ගලයකු ජාතික ක්‍රීඩා සංගමයක/සම්මේලනයක නිලයක් දැරීමට සුදුස්සෙකු වන්නේය.
■ කිසියම් ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණයේදී ප්‍රාදේශීය හෝ පළාත් සංගමයක නියෝජිතයකුට තිබිය හැක්කේ එක ඡන්දයක් පමණි.
මෙම රෙගුලාසි සම්බන්ධ ගැසට් පත්‍රයට ක්‍රීඩා ඇමතිවරයා ඊයේ වන විටත් අත්සන් කර තිබූ බවත් ක්‍රීඩා අමාත්‍යංශයේ උසස්ම නිලධාරියෙක් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.