Last Update  :  2025-09-12 23:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා ඇමැතිට අවනත නොවන සංගම් අසාදු ලේඛණයට

ක්‍රීඩා ඇමැතිට අවනත නොවන සංගම් අසාදු ලේඛණයට

editorial - 2023 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා ඇමැතිවරයාගේ කැඳවීම්වලට ප්‍රතිචාර නොදක්වන ජාතික ක්‍රීඩා සංගම් අසාදු ලේඛනගත කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පවසයි. තමා ක්‍රීඩා ඇමැතිවරයා ලෙස මීළඟට ඉදිරිපත් කෙරෙන ගැසට් නිවේදනය එය විය හැකි යැයි ඇමැතිවරයා පැවසුවේ ඊයේ (21) රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි. 

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ඇතුළු අමාත්‍යාංශ ප්‍රධානීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා එහි දී මෙසේ ද පැවසීය. 
‘‘ක්‍රීඩා ඇමැතිවරයාගේ කැඳවීම්වලට වේලාවක් වෙන් කර ගන්න බැරි ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් එම තනතුරුවල රැඳී සිටින්න සුදුසු නැහැ. එසේ ඇමැතිවරයාගේ කැඳවීම් තෙවතාවක්ම මගහැර සිටින ජාතික ක්‍රීඩා සංගම් අසාදු ලේඛන ගත කරන්න ඊළඟට මම ගැසට් නිවේදනයක් ගෙන එනවා.“ 

“ජාතික ක්‍රීඩා සංගම් බහුතරයක් පසුගිය කාලයේ දී ඇමැතිවරයාගේ කැඳවීම්වලට අනුව සාකච්ඡාවලට පැමිණියේ නෑ. එහෙම තත්වයක් තුළ එහි ප්‍රධානීන්ගෙන් මේ රටේ ක්‍රීඩාවට ලැබෙන දායකත්වය මොකක්ද කියන්න ගැටලුවක් පැන නැගෙනවා.“

ශ්‍රී ලංකාවට පනවා තිබෙන අන්තර් ජාතික පාපන්දු තරග තහනම ඉවත් කර ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග ගැන එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය. 

“පාපන්දු ආයතනයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කුසලා සරෝජනී වීරවර්ධන වාර්තාව ලබා ගැනීමෙන් පසුව එයත් පදනම් කර ගනිමින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට කරුණු දැක්වීමේ වාර්තාවක් බාර දෙන්න අපි කටයුතු කරනවා.“

“ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කරන මම කිසිදු දේශපාලන මැදිහත්වීමක් කරන්න මෙතෙක් කටයුතු කරලත් නෑ. ඉදිරියේදී කරන්නේත් නෑ. අවාසනාවකට මම ඉදිරිපත් කළ ක්‍රීඩා රෙගුලාසි ගැසට් නිවේදනයට එරෙහිව අධිකරණයේ නඩු දාන්න සල්ලි වියදම් කළ සමහර ජාතික ක්‍රීඩා සංගම්වලට ඔවුන්ගේ ක්‍රීඩා ඉසව්ව නංවන්න සල්ලි නෑ කියනවා“ 

“ඒ වගේම සමහර මාධ්‍යවේදීන් ක්‍රීඩා අමාත්‍යාංශයටත් ඇමැතිවරයාටත් එරෙහිව ඉදිරිපත් කරන ඇතැම් චෝදනාවලට කිසිදු පදනමක් නෑ. ඔවුන් වෙනත් අරමුණු පෙරදැරිව ලියන බවකුයි අපට හැඟී ගොස් තිබෙන්නේ.“  

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වීය. 


අදහස් (1)

ක්‍රීඩා ඇමැතිට අවනත නොවන සංගම් අසාදු ලේඛණයට
  • Sellansena Wednesday, 22 March 2023 09:33 PM

    මෙයාව පෝස්ට් එකෙන් නොපැන්නුවොත් ලංකාවේ කෙනෙකුට ජාත්‍යන්තරයේ ජිල්බෝල ගේමකින්වත් දිනන්න හම්බ වෙන්නේ නෑ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.