Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රංජන් කටුගම්පොළ සහ විමුක්ති රුද්‍රිගු)
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ඇතුළු අනිකුත් ක්‍රීඩා සම්බන්ධයෙන් නිකුත් කර ඇති රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම අතුරු තහනම් නියෝගය මීට සම්බන්ධ පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.
මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කර ඇති රෙගුලාසි, ක්‍රීඩා නීතියට පටහැනි බව සඳහන් කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු පිරිසක් ගොනුකර ඇති රිට් පෙත්සම සළකා බැලූ අවස්ථාවේදීය. මෙම රිට් පෙත්සම, නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.එස්.ආර්. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලදි.
දෙසැම්බර් 14 වන දින ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රීඩා නීතියට පටහැනි බව සඳහන් කරමින් එම ගැසට් නිවේදනය අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකරනු ලැබ ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන චන්දන අබේසුන්දර සහ රොමේෂ් ද සිල්වා මහත්වරු පෙනී සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.