
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආර්ථිකය ඩොලර් බිලියනයක් කිරීම ඉතාමත් සුළු දෙයක් බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශාල වෙනසක් කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසයි. ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැති උත්සවයකදී ‘වෘත්තීය ක්‍රීඩා සංස්කෘතියක් සමඟ ක්‍රීඩාවේ අනාගතය ගොඩනැගීම’ යන තේමාව යටතේ කළ දේශනයේදී ක්‍රීඩා ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ ද අදහස් දැක්වීය.
“අපේ රටේ ක්‍රීඩා පනතක් තියෙනවා. ඒ වගේම මේ රටේ ක්‍රීඩා හසුරුවන්නෙ අන්න ඒ ක්‍රීඩා පනතෙන්. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ ක්‍රීඩා පනත සම්මත වෙලා තියෙන්නෙ 1973 වසරෙයි”
“අද බොහෝ දෙනෙක් කථා කරාම කියනවා ක්‍රීඩාවට තියෙන පහසුකම් මදී, එහෙම නැත්නම් ක්‍රීඩකයට තියෙන පහසුකම් මදී. හැබැයි අපි එදා ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළේ මොන පහසුකම් තිබිලද? අද දුවන ක්‍රීඩකයන් දෙස බලන විට සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කමක් දිනන විට ඇයට තිබුණෙ මොන පහසුකම්ද? එදා 96 ලෝක කුසලාන දින විට තිබුණ පහසුකම් දෙස බලන විට අද අපි ඉන්නේ කොතනද?”
“අපිට ජයග්‍රහණ ලැබෙන්නේ නැති වන විට යටිතල පහසුකම් නැතැයි කීම ගැලවීමට කරුණක් බවට පත්කරගෙන තියෙනවා. ලංකාවේ ගමකට ගිහින් බලන්න ක්‍රීඩා පිට්ටනි කීයක් තියෙනවාද? හැබැයි ඒවයින් කී දෙනෙක් ප්‍රයෝජනය ගන්නවාද ?....රට වටේම මුහුද තියාගෙන ඇයි සැතපුම් දෙක පිහිනුම් ඉසව්ව දිනන්න බැරි. අවුරුදු උත්සවවල පාපැදි තරගයි, මැරතනුයි ලංකාවේ තරම් ලෝකෙ වෙන කොහෙවත් නෑ. ඇයි අපිට ජාත්‍යන්තර තරග දිනන්න බැරි. ඇයි අපිට ජාතික වාර්තා ටික බිඳින්න බැරි”
“මගේ නෝනා මට හිනාවෙනවා.. මගේ නැන්දම්මාගේ කාලේ (1990 දශකයේ මුල් භාගයේදී) තියපු වාර්තා ටික තමයි තාම තියෙන්නේ කියලා. මටත් දැන් පුතෙක් ඉන්නවා.. ඕක තමයි අපේ ක්‍රීඩාවේ යථාර්ථය. ගැටලුව තියෙන්නේ අපි තුළ මිස රට තුළ නොමයි”
“මේ ක්‍රමයේ සහ ක්‍රීඩකයාගේ මනසේ තියෙන ගැටලුව තමයි අපි ජය ගන්න ඕනේ”
“ක්‍රීඩාංගණයක් හදලා දුන්නොත් සෙල්ලම් කරනවා කියන තැන වෙනුවට සෙල්ලම් කළොත් ක්‍රීඩාංගණයක් දෙන්නම් කියන තැනට අපිට එන්න පුළුවන්නම් එතැනදි අපිට පුළුවන් වෙයි අපි ඉලක්ක කරන තැනට අපේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය යොමු කරන්න”
“අපේ රටේ එක්තරා ක්‍රීඩා සංගමක් තියෙනවා ලෝකෙම ජයග්‍රහණය කරපු එකක්. ඒ සංගමය නිලවරණයකින් පත්වූ හැම පාරම ‘රූපවාහිනී විකාශන අයිතියෙන්’ (1997 දී ඩොලර් මිලියන 10 ක්, නිවැරදි කිරීමට යටත්ව) හම්බ කරලා ක්‍රීඩාවට යනවිට අතුරු කමිටුක් එනවා. ඊට පස්සෙ ගිණුම හිස්වෙනවා. ඊට පස්සෙ ආයිත් නිලවරණයක් තියලා ඩොලර් මිලියන 28 ක් හොයනවා. මාස හයෙන් ආයෙ අතුරු කමිටුවක් එනවා. ආයෙ ගිණුම හිස්වෙනවා. 2002 වනවිට ආයෙත් ඩොලර් මිලියන 58 ක ගිවිසුමක් අත්සන් කරනවා ආයෙ අතුරු කමිටුවක් එනවා. ආයෙ ගිණුම හිස් කරනවා”
“මම විශ්වාස කරන දෙයක් තමයි යම්කිසි සංගමයකට කෙනෙක් තේරී පත්වෙනවා නම් ඔහු එතනට එන්නෙ කිසියම් කැපවීමක් කරලා. සමහර සංගම්වල සභාපතිවරු පත්වන විට සංගමයේ ජාතික උත්සවයට වඩා වියදම් කරනවා ඒ ඡන්දයට. මම ඒ අයගෙන් ඉල්ලුවෙ ඒ මුදල්වලින් ඒ සංගමයේ ක්‍රීඩකයන්ට සාධාරණයක් කරන්න. සංගම්වල ප්‍රශ්න තිබුණත් ක්‍රීඩකයාට අසාධාරණයක් වෙන්න දෙන්න බෑ”
“අපි විශ්වාස කරන දේ තමයි ක්‍රීඩා සංගම් ස්වාධීන විය යුතුයි. ඒ අයට ක්‍රීඩාව හදන්න පරිසරය අපි හදලා දෙන්න ඕනේ. ඒ අනුව ඉදිරි ක්‍රීඩා පනත තුළ ඒ සියල්ලම හඳුනාගෙන, මම බලාපොරොත්තු වන දේ තමයි දේශපාලන මැදිහත්වීමෙන් තොරව ශක්තිමත් ක්‍රමයකට මේ රටේ ක්‍රීඩාව ගෙනියන්න ඕනේ”
“අපි ක්‍රීඩාව ප්‍රධාන අංග තුනක් ලෙස හඳුනාගෙන තියෙනවා. පළමු වැන්න ලෙෂර් ස්පෝට්ස්, දෙවැනි කාරණය තමයි තරගාකාරී ක්‍රීඩාව, තුන්වැනි එක තමයි ක්‍රීඩා ආර්ථිකය. නව අංගයක් ලෙස ඊස්පෝට්ස් හදුනාගෙන තියෙනවා”
“අපි පසුගිය කාලෙ කිව්වා ශ්‍රී ලංකාව ක්‍රීඩා ආර්ථිකය ඩොලර් බිලියනයක් දක්වා වැඩි කරනවා කියලා. සමහරුන්ට ඒක ප්‍රශ්නයක්. ඒක මට නම් ප්‍රශ්නයක් නොවයි. මොකද මම දැඩිසේ විශ්වාස කරනවා ඩොලර් බිලියනය කියන කාරණය ඉතාමත් පොඩි ගානක්. එහෙම උනොත් තමයි ලංකාවේ ක්‍රීඩාව ජාත්‍යන්තරයට යන්න පුළුවන්. එතකොට තමයි ක්‍රීඩාවට සල්ලි එන්නේ”
“ගමේ අම්මට දක්‍ෂ ක්‍රීඩකයෙක් හිටියොත් ඒක අම්මාට හිසරදයක්. දරුවට සපත්තු අරන් දෙන්නෙ කොහොමද? කොළඹ තියෙන තරගාවලියට යවන්නෙ කොහොමද? ජාතික කණ්ඩායමට තේරුණොත් ගුවන් ප්‍රවේශපත අරන්දෙන්නෙ කොහොමද? දක්‍ෂ ක්‍රීඩකයෙක් පවුලෙ ඉන්නවා කියන එන මහ හිසරදයක් බවට පත්වෙලා තියෙනවා”
“අපි මේ වසරෙ බලාපොරෙත්තු වෙනවා ‘ෆන්ෂනල් ට්‍රේනින් සෙන්ටර්ස්’ 333 ක් ක්‍රීඩා සමාජවලට දෙන්න. ‘ෆන්ෂනල් ටේ්‍රනින් සෙන්ටර්ස්’ කියන්නෙ කොළඹ 7 තියෙන වායුසමීකරණය කළ ජිම් නෙවෙයි. පිරිවැය අඩු එළිමහනේ ස්ථාපිත කරපු ඉහළ පහසුකම් ඇති එවා. හැබැයි ඒක දෙන්නෙ ආණ්ඩුවේ ආයතනවලට නොවෙයි. ඒක දෙන්නෙ ගමේ ක්‍රීඩා සමාජවලටයි”
- 048
de Wednesday, 23 September 2020 09:22 AM
අනේ රත්තරන් පුතේ, කරන දෙයක් පරිස්සමින්.. අපිට දැන් හරි අමාරුයි.. ආර්ථික වශයෙන්...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.