Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් කළමණාකරුට අයැදුම්පත් කැඳවයි

ක්‍රිකට් කළමණාකරුට අයැදුම්පත් කැඳවයි

editorial - 2021 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

--------------------
දමින්ද විජේසූරිය
--------------------

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ස්ථාවර කළමණාකරුවකු පත්කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව මෙම අයැදුම්පත් කැඳවීම සම්බන්ධ දැන්වීම් හෙට (01 වැනිදා) පුවත්පත් මෙන්ම අනෙකුත් මාධ්‍ය ඔස්සේ පළකිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අයැදුම්පත් කැඳවීමෙන් පසුව තෝරා ගන්නා තැනැත්තා වසරක කාලයක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු වශයෙන් පත්කරන බවයි. ඒ සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුම වීම අත්‍යවශ්‍ය නොවන බවත් ක්‍රීඩකයන්ගේ විනය නිසි මට්ටමක රඳවාගත හැකි මෙන්ම පරිපාලනය සම්බන්ධ දැනුමක් ඇති අපේක්‍ෂකයන් ඒ සඳහා සලකා බලන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් මේ සඳහා අයැදුම් කළ හැකි බවත් හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමණාකරු අසන්ත ද මැල් මහතා පසුගිය ජනවාරි මාසයේදී පැවැති එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය. පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයාව සිටි ජෙරම් ජයරත්න මහතා තාවකාලිකව කළමණාකාර ධූරයට පත්කරන ලදි. මේ වන විට බටහිර ඉන්දීය දූපත් පිලට එරෙහිව තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු වශයෙන් කටයුතු කරන්නේද ජෙරම් ජයරත්න මහතාය.

 


අදහස් (0)

ක්‍රිකට් කළමණාකරුට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.