බී.එන්.පී පරිබාස් කනිෂ්ඨ ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කළාපීය පෙර සුදුසුකම් ලැබීමේ වටයේ තරගයකදී තජිකිස්තානයට එරෙහිව තරග 3-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය කේවල තරග 2 කින් සහ යුගල තරගයකින් සමත්විත විය. එහිදී තමන් සහභාගි වූ තරග දෙකේදීම ජයගත් කවීෂ රත්නායක, ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීවේය.
පළමු කේවල තරගයේදී වට 2-0 ක් ලෙස තජිකිස්තානයේ මිර්සොබහුදුර් මුනිනොව් පරාජය කළ කවීෂ, යුගළ තරගයේදී චාතුර්ය නිලවීර සමග එක්ව මුහම්මද් ෆිර්දව්ස් සහ ගයිරට් සියෝවුෂි පරාජය කළේ වට 2-0 ක් ලෙසිනි.
දෙවැනි කේවල තරගයේදී මුහම්මද් ෆිර්දව්ස්ට එරෙහිව වට 2-0 ක ජයක් අත්කර ගැනීමට අෂේන් සිල්වා සමත් විය. ඒ අනුව තජිකිස්තානයට එරෙහිව පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 3-0 ක පූර්ණ ජයක් හිමිවිය.
තරග ප්‍රතිඵල
■ අෂේන් සිල්වා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මිර්සොබහුදුර් මුනිනොව් (තජිකිස්තානය) පරාජය කරන ලදි.
■ චාතුර්ය නිලවීර (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මුහම්මද් ෆිර්දව්ස් (තජිකිස්තානය) පරාජය කරන ලදි.
■ කවීෂ රත්නායක සහ චාතුර්ය නිලවීර (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මිර්සොබහුදුර් මුනිනොව් සහ ගයිරට් සියෝවුෂි (තජිකිස්තානය) පරාජය කරන ලදහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.