
(ශානුක අරවින්ද)
සවුදි අරාබියේ ජේඩා නුවර පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි දිනයේදී (25 වැනිදා) ඉන්දීය රුපියල් ලක්ෂ 75 බැගින් ගෙවමින් කමිඳු මෙන්ඩිස්ගේ සේවය මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකරුවෝද, දුෂ්මන්ත චමීරගේ සේවය මිලදී ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ හිමිකරුවෝ සමත් වූහ.
එම මුදල ඔවුන්ගේ මූලික ලන්සුවද වූ අතර දෙදෙනාම අලෙවි වූයේ ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූ පළමු ලන්සුවේදී වීමද කැපී පෙනිණ. එහිදී ඔවුන් දෙදෙනාට හිමිවූ ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මුදල, දැනට පවතින විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි පනස් නම ලක්ෂයකට ආසන්න විය.
වෙන්දේසියට ඉදිරිපත් කෙරෙැණු සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරන් වනිඳු හසරංගගේ (කෝටි 5.25) සහ මහීෂ් තීක්ෂණගේ (කෝටි 4.4) සේවය මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවෝ ඉදිරිපත් වූ අතර පැතුම් නිස්සංක, විජයකාන්ත් වියස්කාන්ත් සහ ඩිල්ෂාන් මධුෂංක මිලදී ගැනීමට කිසිදු කණ්ඩායම් හිමිකරුවකු ඉදිරිපත් නොවීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.