Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වයිරස් වසංගතය ඉන්දියාව පුරා සීඝ්‍රයෙන් පැතිරි යාමත් සමගින් පසුගිය අඟහරුවාදා ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය හදිසියේම අත්හිටුවීමෙන් පසුව තරගාවලියට සහභාගි වූ වෙනත් රටවල ක්‍රීඩකයෝ සිය නිවෙස් බලා පිටත්ව යමින් සිටිති. එහෙත් මේ වන විට ඕස්ටේ‍්‍රලියානු රජය ඉන්දියාවේ සිට පැමිණෙන අයට සිය දේශ සීමා වසාදැමීම නිසා ඕස්ටේ‍්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට මේ වන විට එන එන මං නැතිබී තිබෙන බව වාර්තා වේ.
විවිධ රටවල සංචරණ සීමාවන් හේතුවෙන් සමහර ක්‍රීඩකයන්ට සිය රට බලා පිටත්ව යාම අවහිර වී තිබේ. ඕස්ටේ‍්‍රලියානු රජයද අයි.පී.එල් තරගාවලියට එක්වූ ක්‍රීඩකයන් සඳහා සංචරණ සීමා පණවා ඇත. එම නිසා ඕස්ටේ‍්‍රලියානු ජාතික ක්‍රීඩකයන් ඇතුළු 37 දෙනෙකුට තාවකාලිකව මාලදිවයිනට හෝ ශ්‍රී ලංකාවට රැගෙන යාම සඳහා ඔවුන්ටම වෙන්වූ පෞද්ගලික ගුවන් යානයක් ලබාදීමට සංවිධායකයින් පොරොන්දුවී ඇත.
එහෙත් දැන් තත්ත්වය වෙනස් වී තිබේ.
ශ්‍රී ලංකා රජය ඊයේ (06 වැනිදා) රාත්‍රියේ නිවේදනය කළේ දින 14 ක් ඇතුළත ඉන්දියාවට ගිය කිසිම ගුවන් මගියකුට ශ්‍රී ලංකාවට ගොඩබැසීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බවයි. එම තත්ත්වය අනුව අයි.පී.එල්. තරගාවලියට ගිය ඕස්ටේ‍්‍රලියානු ජාතිකයන් 37 දෙනාට මාලදිවයිනේ හෝ වෙනත් රටක තාවකාලිකව ලැගුම් ගැනීමට සිදුවනු ඇත. ඕස්ටේ‍්‍රලියානු රජය විසින් පනවා ඇති සංචරණ සීමාවන් මැයි 15 වනදායින් අවසන් වීමට නියමිතව ඇති අතර ඉන්දියාවට ගොස් සිටින ඕනෑම කෙනෙකුට එතෙක් බලාසිටිමට සිදුවනු ඇත.
කෙසේ වෙතත්, කොරෝනා වයිරසය වැළදුණු හිටපු පිතිකරු මයිකල් හසීට ඔහුගේ සගයන් සමඟ එක් විමට නොහැකි වනු ඇත. ඔහුට ඉන්දියාවෙන් පිටවීමට අවසර ලැබීමට පෙර නියමිත දින ගණනක් හුදෙකලා වී සිට පී.සී.ආර්. පරීක්‍ෂණ දෙකකදී ඍණාත්මක ප්‍රතිඵල පෙන්විය යුතුය.
“ඔහුගේ රෝග ලක්ෂණ සාපේක්ෂව මෘදුයි. එබැවින් ඔහු අවම වශයෙන් දින 10 ක් වත් ඔහුගේ හෝටලයේ හුදකලාවී සිටිය යුතුයි” යැයි ඕස්ටේ‍්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ප්‍රධානියා වන ටොඩ් ග්‍රීන්බර්ග් මහතා සිඩ්නි නුවරදී වාර්තාකරුවන්ට පැවසීය.
එංගලන්ත ක්‍රීඩකයින් අට දෙනෙකු පසුගිය බදාදා ලන්ඩනයට ආපසු ගිය අතර තවත් සිව්දෙනෙකු බ්‍රහස්පතින්දා හෝ ඊට ආසන්න දිනයකදී සිය රට බලා යාමට නියමිතව තිබුණි.. රජය විසින් අනුමත හෝටල්වල එම ක්‍රීඩකයන්ට නිරෝධායන කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.