Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාව බර්මින්හැම් ආධිපත්‍යය ගනියි
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ඕස්ට්‍රේලියාව බර්මින්හැම් ආධිපත්‍යය ගනියි

editorial - 2022 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕෂිත වරකපිටිය (බර්මින්හැම්හි සිට)

සත්කාරක එංගලන්තය දෙවැනි තැනට ඇද දැමූ ඕස්ට්‍රේලියාවට තරගාවලියේ ආධිපත්‍යය ලබාදෙමින් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට නිමාවට පත්විය. පෙරේදා (08දා) රාත්‍රියේදී ක්‍රීඩා උලෙලේ තරග ඉසව් නිමා වන විට ඔස්ට්‍රේලියාව රන් 67 ක්, රිදී 57 ක් හා ලෝකඩ 54 ක් සමගින් සමස්ථ පදක්කම් 178 ක් හිමිකර ගෙන සිටියේය.‍ කෙසේ වෙතත් මෙවර ක්‍රීඩා උලෙලේ ආධිපත්‍යය ලබා ගනී යැයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වූ සත්කාරක එංගලන්තයට මෙවර තරගාවලියේදී රන් 57 ක්, රිදී 66 ක් හා ලෝකඩ 53 ක් සමගින් හිමිකර ගැනීමට හැකිවූයේ පදක්කම් 176කි. කෙසේ වෙතත් එංගලන්තය ක්‍රීඩා උලෙලකදී ඉතිහාසයේ දිනා ගත් වැඩිම පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කම් සංඛ්‍යාව මෙවර තරගාවලියේදී වාර්තා වූ අතර මීට පෙර 2014 වර්ෂයේදී පැවති ග්ලාස්ගෝ තරගාවලියේදී ඔවුන් සමස්ථ පදක්කම් 174 ක් වාර්තා කර තිබිණ.

රන් පදක්කම් 26ක්, රිදී 32 ක් හා ලෝකඩ 34 ක් සමගින් සමස්ථ පදක්කම් 92 ක් දිනා ගත් කැනඩාවට මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුනු සටහනේ තෙවැනි ස්ථානය හිමිවිය.
දකුණු ආසියානු කලාපයේ ආධිපත්‍යය තවදුරටත් හිමිකර ගනිමින් ඉන්දියාව රන් 22ක්, රිදී 16 ක් හා ලෝකඩ 23 ක් සමගින් සමස්ථ පදක්කම් 61 ක් හිමිගර ගත්තේ පදක්කම් සටහනේද සිව්වැනි ස්ථානය දිනා ගනිමිනි.

පසුගිය (2018) වර්ෂයේදී මෙන්ම මෙවර තරගාවලියේදීද ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ 31 වැනි ස්ථානයෙන් සෑහීමට පත්විමට සිදුවිය. කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් සහිතව ශ්‍රී ලංකාවට සමස්ථ පදක්කම් තුනක් දිනා දීමට සහබාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වූහ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110 ක් සහභාගි වූ තරගාවලියේ පැරා මළල ක්‍රීඩා ඉසව්වේ පිරිමි කවපෙත්ත විසිකිරීම ත්‍42-44/61 කාණ්ඩයේ රිදී පදක්කම පාලිත බණ්ඩාර විසින් දිනා ගැනීමට සමත්විය. එහිදී 1998 වර්ෂයෙන් පසු මලල ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීමට පිරිමි මීටර් 100 ඉසව්වේදී යුපුන් අබේකෝන් සමත්විය.

මීට අමතරව පිරිමි කි.ග්‍රෑ 55 ඉසව්වේ ලෝකඩ පදක්කම දිලංක ඉසුරු කුමාර විසින් දිනා ගනිද්දී කාන්තා අංශයෙන් දිනා ගත් එකම පදක්කමේ හිමිකාරිය වූයේ කාන්තා නිදහස් ආර මල්ලවපොර (කි.ග්‍රෑ 57) ඉසව්වට ක්‍රීඩා කළ නෙත්මි පෝරුතොටගේයි. රටවල් 72 ක් සහභාගි වූ  මෙවර තරගාවලිය දින 11 ක් පුරාවට පැවැත්වූ අතර තරග ඉසව් 280 ක් මෙහිදී පැවැත්විණි.

විචිත්‍රවත් අංග රැසකින් මෙවර පොදුරද මඩුළු තරගාවලියෙ සමාප්ති උලෙල පැවැත්වෙයි.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී විචිත්‍රවත් අංග රැසක් පැවැත්විණි.  මෙහිදී විවිධ රටවල සංස්කෘතික අංග මෙන්ම සත්කාරක එංගලන්තයේ කාර්මික විප්ලවය විදහා දැක්වෙන අංගද ප්‍රදර්ශණය කෙරිණි. මේ සඳහා විවිධ ඒංගලන්තයේ සුප්‍රසිද්ධ ගායක ගායිකාවන් කිහිප දෙනෙකුද සහභාගි වූහ.

මෙවර තරගාවලිය වෙනුවෙන් සමස්ථ ටිකට් මිලියන 1.3 ක් අලෙවි වී තිබූ බව එංගලන්ත බී.බී.සී වෙබ් අඩවිය වාර්තා කරයි.

එමෙන්ම තරගාවලිය වෙනුවෙන් 14000 ක ස්වේච්ඡා සේවකයින්ද සිය දායකත්වය ලබාදී තිබින.  මෙම සමාප්ති උලෙලේ ස්තූති කතාව බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජික එඞ්වර්ඞ් කුමරු විසින් සිදුකලේය.

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව බර්මින්හැම් ආධිපත්‍යය ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.