Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඕස්ට්‍රේලියාව අතර ශාන්ත කිට්ස්හි වෝනර් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි විස්සයි-20 ක්‍රිකට් තරගය කඩුලු 3 කින් ජය ලැබීමට ඕස්ට්‍රේලියානුවෝ ඊයේ (26 වැනිදා) සමත් වූහ. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය තවත් තරගයත් ඉතිරිව තිබියදීම 4-0 ක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටියි.
ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරා ගත්හ. පන්දු 18 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 47 ක් රැස්කරමින් ප්‍රවේගකාරි පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් තරගයේ වීරයා බවට පත් විය.
ජොෂ් ඉන්ග්ලිෂ් (51) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මැක්ස්වෙල්, ඉන් නොනැවතී කැමරන් ග්‍රීන් (නොදැවී 55) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 24 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
එහිදී පන්දු 30 කට මුහුණදුන් ඉන්ග්ලිෂ් හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 35 කදී වාර්තා වූ ග්‍රීන්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. ඒරන් හාඩි පන්දු 16 කින් ලකුණු 23 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 205 ක් ලබාගත් අතර එහිදී කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූ රොමාරියෝ ශෙපර්ඩ් සහ රෝමන් පවෙල් ලකුණු 28 බැගින් රැස්කළහ. පන්දු 22 කදී වාර්තා වූ පවෙල්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින්ද, පන්දු 18 කදී වාර්තා වූ ශෙපර්ඩ්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින්ද සමන්විත විය.
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 9 කට 205
(බ්‍රෙන්ඩන් කිං 18, ශර්ෆේන් රදර්ෆෝඩ් 31, රෝමන් පවෙල් 28, ශිමර්න් හැට්මෙයර් 16, රොමාරියෝ ශෙපර්ඩ් 28, ජේසන් හෝල්ඩර් 26, අකීල් හොසේන් නොදැවී 16, ඇඩම් සම්පා 54/3, ඒරන් හාඩි 24/2, ක්ෂේවියර් බාට්ලි 39/2, ෂොන් ඇබට් 61/2)
ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 7 කට 206
(ග්ලේන් මැක්ස්වෙල් 47, ජොෂ් ඉන්ග්ලිෂ් 51, කැමරන් ග්‍රීන් නොදැවී 55, ඒරන් හාඩි 23, ජේඩියා බ්ලේඩ්ස් 29/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.