Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ 5-0 කින් කොදෙව්වන් පරදවති

ඕස්ට්‍රේලියානුවෝ 5-0 කින් කොදෙව්වන් පරදවති

editorial - 2025 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඕස්ට්‍රේලියාව අතර ශාන්ත කිට්ස්හි වෝනර් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි විස්සයි-20 ක්‍රිකට් තරගය කඩුලු 3 කින් ජය ලැබීමට ඕස්ට්‍රේලියානුවෝ ඊයේ (28 වැනිදා) සමත් වූහ. මෙම ජයත් සමග දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 5-0 ක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියාවට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවෝ ඕවර 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. පන්දු 17 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක් රැස්කරමින් වේගවත් පිතිහරඹයක නිරත වූ මිචෙල් ඕවන් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. 

කැමරන් ග්‍රීන් පන්දු 18 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 32 ක්ද, ටිම් ඩේවිඩ් පන්දු 12 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 30 ක්ද, ඒරන් හාර්ඩි පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 28 ක්ද රැස්කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය දැක්වූහ. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ අකීල් හොසේන් සිය ඕවර 4 ලකුණු 17 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් නමුත් ඔහුට කොදෙව් කණ්ඩායම පරාජයෙන් බේරාගැනීමට නොහැකි විය. එහිදී අල්සාරි ජෝෂප් ලකුණු 21 කට කඩුලු 2 ක්ද, ජේසන් හෝල්ඩර් ලකුණු 36 කට කඩුලු 2 ක්ද බිඳහෙළීමට සමත් වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 170 ක් ලබාගත් අතර කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශිම්රන් හැට්මෙයර් පන්දු 31 කින් ලකුණු 52 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 


බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 170   
(ශර්ෆේන් රදර්ෆෝඩ් 35, ශිම්රන් හැට්මෙයර් 52, ජේසන් හෝල්ඩර් 20, බෙන් ඩ්වාර්ෂුයිස් 41/3, නේතන් එලිස් 32/2) 

ඕස්ට්‍රේලියාව - ඕවර 17 කදී කඩුලු 7 ක් දැවී 173 
(කැමරන් ග්‍රීන් 32, ටිම් ඩේවිඩ් 30, මිචෙල් ඕවන් 37, ඒරන් හාර්ඩි නොදැවී 28, අකීල් හොසේන් 17/3, අල්සාරි ජෝෂප් 21/2, ජේසන් හෝල්ඩර් 36/2) 

-036 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ 5-0 කින් කොදෙව්වන් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.