Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ 2-1 කින් දකුණු අප්‍රිකානුවන් පරදවති

ඕස්ට්‍රේලියානුවෝ 2-1 කින් දකුණු අප්‍රිකානුවන් පරදවති

editorial - 2020 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර කේප් ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 97 ක පහසු ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට මිචෙල් ස්ටාක්ගේ සහ ඇස්ටන් ආගර්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 15.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 96 ක් පමණි. එහිදී ස්ටාක් ලකුණු 23 කට කඩුලු 3 ක්ද, ඇස්ටන් ආගර් ලකුණු 16 කට කඩුලු 3 ක්ද දවාගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම වැනසූහ.

දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු රාසි වැන්ඩර් ඩසන් පන්දු 19 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 24 ක්ද, හෙන්රිච් ක්ලාසේන් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 22 ක්ද රැස්කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 193 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ ඩේවිඩ් වෝනර් (57) සහ නායක ඒරන් ෆින්ච් (55) පන්දු 69 කදී ලකුණු 120 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

පන්දු 37 කදී වාර්තා වූ වෝනර්ගේ 17 වැනි විස්සයි20 අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත වූ අතර පන්දු 37 කදී වාර්තා වූ ෆින්ච්ගේ 12 වැනි විස්සයි20 අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය. ඕස්ට්‍රේලියානු ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ස්ටීවන් සිමිත් පන්දු 15 කදී ලකුණු 30 ක් රැස්කළේ හයේ පහර 2 ක් සමගිනි.


ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 193
(ඩේවිඩ් වෝනර් 57, ඒරන් ෆින්ච් 55, මිචෙල් මාෂ් 19, ස්ටීවන් ස්මිත් නොදැවී 30)

දකුණු අප්‍රිකාව - ඕවර 15.3 කදී සියලු දෙනා දැවී 96
(රාසි වැන්ඩර් ඩසන් 24, හෙන්රිච් ක්ලාසෙන් 22, ඩේවිඩ් මිලර් 15, ඇස්ටන් ආගර් 16/3, මිචෙල් ස්ටාක් 23/3, ඇඩම් සම්පා 10/2)

-036  
 

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ 2-1 කින් දකුණු අප්‍රිකානුවන් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.