Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල අතර සිඞ්නිහිදී අද (30 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ කඩුලු 9 ක පහසු ජයක් ලැබූහ. ඕස්ට්‍රේලියාව මෙම ජයග්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලිය ජය ලැබීය.
ඕස්ට්‍රේලියානු පිල ලකුණු 85 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 9.4 කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
මෙම තරගය ඕස්ට්‍රේලියානු ප්‍රබල ක්‍රීඩිකා ඇලිසා හීලිගේ 100 වැනි විස්සයි20 ජාත්‍යන්තර තරගය වන අතර නිලක්‍ෂි ද සිල්වා රැකගත් විශිෂ්ට උඩ පන්දුව හේතුවෙන් ඇයගේ ඉනිම ලකුණු 21 කට සීමාවිය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ශෂිකලා සිරිවර්ධන පන්දු 25 කින් 19 ක් රැස්කළාය.
පළමු තරගයේදී වාර්තාගත ශතකයක් රැස්කළ නායිකා චමරි අතපත්තු පන්දු 25 කින් ලකුණු 16 ක් ලබා සිටියදී තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියාය.
ඉදිරි පෙළ පිතිකාරියන් වන යශෝධා මෙන්ඩිස් (0) සහ අනුෂ්කා සංජීවනී (07) අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදීම කඩා වැටුණි. නායිකා චමරි අතපත්තු තෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් පසුව ඕවර 20 පන්දුවට පහර දීමට එකම ඉලක්කය බවට පත්විය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 84
(චමරි අතපත්තු 16, හර්ෂිතා මාධවී 12, ශෂිකලා සිරිවර්ධන 19, අමා කාංචනා නොදැවී 16, එලීසා පෙරී 21/2)
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල ඕවර 9.4 කදී කඩුලු 1 ට 87
(ඇලිස්සා හීලි 21, බේත් මොනි නොදැවී 28, එරින් බර්න්ස් නොදැවී 30)
- 048
ඡායාරූපය - ඕස්ට්‍රේලයානු ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.